BREAKING NEWS
latest

728x90

468x60

රුපියල් 350 කට සෙල්ලම් පිස්‌තෝලයක්‌ ගෙන - කොට්‌ටාවේ බැංකුව කොල්ලකෑ ආපනශාලා හිමියා අත්අඩංගුවට

කොට්‌ටාවේ රාජ්‍ය බැංකුවකින් රුපියල් හැත්තෑහත්දහස්‌ පන්සියක්‌ (රුපියල් 77500) කොල්ලකා පලායැමේ සිද්ධිය සම්බන්ධයෙන් බත්තරමුල්ලේ ආපන ශාලා හිමියකු පෙරේදා (21 ) අත්අඩංගුවට ගත් බව කොට්‌ටාව පොලිසිය පවසයි.

සැකකරු අදාළ කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය, හෙල්මටය අත්ආවරණ, සෙල්ලම් පිස්‌තෝලයද පොලිස්‌ භාරයට ගත් බවද පොලිසිය පවසයි. 28 හැවිරිදි සැකකරු කොල්ලකන ලද මුදලින් රුපියල් 40,000 ක මුදලක්‌ සොයාගත් බවද පොලිසිය කියයි. ඉතිරි මුදල් වියදම් වූ බව සැකකරු පැවසී යෑයි පොලිසිය පැවසීය.

තමන් ව්‍යාපාරික ස්‌ථානය සඳහා විවිධ අයගෙන් ණයට මුදල් ලබාගත් බවත්, එම මුදල් පියවීමට බැංකුවක්‌ කොල්ලකෑමට සිතුණු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. ඒ අනුව තමන් කොට්‌ටාව සෙල්ලම්බඩු අලෙවි සලකින් රුපියල් 350 කට සෙල්ලම් පිස්‌තෝලයක්‌ මිලදී ගත් බවත්, එය රැගෙන ගොස්‌ එම බැංකුවේ සේවකයන් බියගන්වා අදාළ මුදල් කොල්ලකෑ බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. සැකකාර ආපන ශාලා හිමියා ඊයේ (22 වැනිදා) හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
« PREV
NEXT »

Facebook Comments APPID