BREAKING NEWS
latest

728x90

468x60

ජපාන වාහන මිල අඩුවීමක්?

ජපානයේ යෙන් මුදල් හා සැසදීමේදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ජපානයෙන් ආනයනයන කරන වාහන වල මිල අඩුවිය හැකි බව ජපාන වාහනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති නිශාන්ත මීගල්ලගේ මහතා කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. 

මෙහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට ජපානයෙන් ගෙන්වන වාහනයන්ගෙන් බහුතරය එහිදී අනතුරුවට ලක්වූ වාහන බවයි.

එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට මෙම හමුව කොළඹදී සංවිධානය කර තිබුණි.

එසේම සිය සංගමය හරහා වාහනයක් ආනයනය කිරීමේදී එම පාරිභෝගිකයන්ට ගුණත්මකභාවයෙන් ඉහළ වාහනයක් ලබා ගත හැකි බවත් වාහනය සම්බන්ධයෙන් වගකීමක් ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

එසේම ජපානයේ ක්‍රියාත්මක එරට රජයේ පිළිගත් එකම සංගමය ජපාන වාහනකරුවන්ගේ සංගමය බවත් එය ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ක්‍රියාතමක බවත් නිශාන්ත මහතා සඳහන් කළේය.

එසේම ඔක්තෝබර් මස 05 දා හා 06 දා ජපාන වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී හා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී වැඩමුළු සංවිධානය කර ඇති බවත් ඔහු පැවැසීය.

මේ දිනවලදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වැගන්ආර් මෝටර් රථයක් ජපාන වෙළඳපොළේ අලෙවිවන්නේ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 14ක් වැනි මුදලකට වුවත් ලංකාවේ ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ බද්දක් අය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
« PREV
NEXT »

Facebook Comments APPID