කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක් එහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළියකි.
පවුලේ සමාජිකයන් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී කැලණි ගඟේ ඊයේ (17දා) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව ගඟේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.