BREAKING NEWS
latest

728x90

468x60

බදු නොගෙවන ලෑන්ඩ් සේල් කාරයෝ සොයන්න යයි - කොළඹ සිට බදුල්ලට බැනර් දැමූ ලෑන්ඩ් සෙල් කාරයා මෙන්න

කෝටි ගණන් වියදම් කරමින් මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට බදු නොගෙවා රට පුරා විදුලි හා දුරකථන කණුවල බැනර් එල්ලන ඉඩකඩම් හා නිවාස විකුණන වෙළෙඳ සමාගම් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

බැනර් ප්‍රදර්ශනය කිරීමේදී අදාළ ප්‍රාදේශීය හා මහ නගරසභාවලින් අවසර ගැනීම මෙන්ම ඒ සඳහා බදු ගෙවීමක්ද සිදු කළ යුතුවේ.


මේ සම්බන්ධයෙන් කොළඹ නගරසභාවේ නිලධාරියකු කියා සිටියේ ඇතැම් සමාගම් කොළඹ මහනගර සභාවෙන් බැනර් 50ක් එල්ලීමට අවසර ලබා ගනිමින් කොළඹ නගර සභාව පුරා බැනර් 500ක් පමණ එල්ලමින් වංචා කරන බවයි.


එසේම එවැනි අනවසර බැනර් කඩා ඉවත් කිරීමට සිදුවන්නේද මහ නගරසභා හා ප්‍රාදේශීය සභාවලට බවත්, ඒ සඳහා මිනිස් ශ්‍රමය, ඉන්ධන හා වාහන යොදා ගැනීමට සිදුවීමෙන් එම ආයතනවලට බවත්, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු කියා සිටියේය.

අදාළ, බැනර් පරණ ලිංයාපදිංචි නොම්බර යොදා එල්ලීම ද සිදු කරණ බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප ලංකාවේ ප්‍රධාන පෙළේ ඉඩකඩම් හා නිවාස විකුණන සමාගමක දැන්විම් ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ බැනර් එල්ලීමේදී ඒ සඳහා මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල අවසර ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු කරුණක් බවයි.

ඒ අදාළ බැනර් එල්ලීම ප්‍රධාන මාර්ගයක සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ නගර සභා හා ප්‍රාදේශීය සභා රාශියක අවසර ගැනීමට සිදුවීම නිසාය.

කොළඹ සිට බදුල්ලට බැනර් දැමූ ලෑන්ඩ් සෙල් කාරයා !

මේ අතර, අවුරුදු සමයේ කොළඹ සිට බදුල්ල දක්වා මාර්ගයේ දෙපස විදුලි කණු 10න් දහයට බැනර් එල්ලන ලද නිවාස වෙළෙන්දෙක් සම්බන්ධයෙන්ද මේවන විට පළාත් පාලන අමාත්‍යවංශයට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

මේ දැන්වීම් සම්බ්නධයෙන් කිසිදු බදු මුදලක් කිසිදු ආයතනයකට ගෙවා නොමැති බව හෙළිව ඇති අතර, අදාළ දැන්වීම් කපා ඉවත් කිරීමට මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද පැවසේ.


« PREV
NEXT »

Facebook Comments APPID