BREAKING NEWS
latest

728x90

468x60

ගාලු මුහුදේ දැවැන්ත බුදු පිළිමයක් පාවූයේ කෙසේද? - 119 නිඩහඩ ඇයි?

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුම්කරුවකු සමත්වී ඇත.


ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකුට මෙම පිළිමය හමුවී තිබේ. 

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින් මතුව තිබු බව ඔවුන් පවසයි. පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරා සමග කිමිදී පිළිමය ගොඩට ගත බව කමල් නමැත්තා කියා සිටී. 

එමෙන්ම දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බවත් ඔහු පවසයි.

මුහුදු වෙරළේ සිටම 119 දුරකතනයට ඇමතීමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුල පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පොලිසියට සහ පුරා විද්‍යා අංශ දැනුවත් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටි බවත් පිළිමය සොයාගත් තරුණයන් පැවසීය.

SLM
« PREV
NEXT »

Facebook Comments APPID