BREAKING NEWS
latest

728x90

468x60

මගේ පුතා මැරුවෙ මගේ ලේලි - මාලඹේ කෝටිපතියා මැරුවේ පාතාලෙන් නෙමේ ඔහුගෙම බිරියලු - සිය මව පැමිණිලි කරයි


කඩුවෙල මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල ව්‍යායාම මංතීරුවේදී පසුගියදා (25) සන්ධ්‍යාවේ ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රූමත් බිරිද සැක බවට මරණකරුගේ මව විසින් පසඅගිය 26වන දා උදෑසන මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. තම පුත්‍රයාගේ ඝාතනයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ඔහුගේ බිරිඳ බවට එම පැමිණිල්ලේ සඳහන් බවත් පොලිසිය පවසයි.

මේ වනවිට එම ඝාතනය පාතාල සබඳතා මත සිදුවූවක් බවට පොලිස් පරීක්ෂණ සිදුවන අතර මෙම පැමිණිල්ල සිදු කර තිබේ.



මෙලෙස ඝාතනයට ලක් වූයේ හිඹුටාන බැංකු හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි අප්පු තන්ත්‍රි ආරච්චිලාගේ රොෂාන් ප්‍රේමලාල් (පොලී රොෂාන් ) නමැති 46 හැවිරිදි තිදරු පියෙකි. මුදල් පොලියට ලබාදීම, අධිවේගී මාර්ග කොන්ත්‍රාත් ව්‍යාපාර, බර වාහන ගෙන්වා අලෙවි කිරීම ඇතුළු වනපාර රැසකට සම්බන්ධ කෝටිපතියකු වන මරණකරු පසුගිය 25 සන්ධ්‍යාවේ ඔහුට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයෙන් පැමිණ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල ඇති ව්‍යායාම මංතීරුවේ ව්‍යායාම කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් වෙඩිතබා පලාගොස් තිබිණි.

වෙඩි වැදීම සිදු වූ ස්ථානය ආසන්නයේම අතුරුගිරිය-නවගමුව පොලිස් බල ප්‍රදේශයන්ට අනුයුක්තව පොලිස් මුරපොළක් ද ස්ථාපිත වී ඇති අතර එහි නිලධාරින් වහා පැමිණ තුවාලකරු නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබිණි. එහි දී තුවාලකරු මරණයට පත්වී තිබූ බවත් පොලිසිය පැවසීය.

ඝාතනයට පත් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරීඳ විසින් පසුගිය වසරේ දිනයක සැමියාගේ පපු පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කිර්මට උත්සාහ දරා ඇත. ඒ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය විසින් එම සැකකාර බිරිද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුව තුවාල ලැබූ ස්වාමියා අධිකරණය හමුවට ගොස් සමථයක් ප්‍රකාශ කර බිරිද ඇප මත මුදාගෙන ඇති අතර එම නඩුව මේ වන විටත් විභාගයේ පවතින බවත් පොලිසිය පවසයි. අනතුරුව ඇය සැමියාගෙන් දුරස්වී. ජීවත් වී ඇති අතර පසුගිය දිනක සිය සැමියාගෙන් නඩත්තු මුදලක් අයකර ගැනීමට නඩුවක් ද දමා ඇති බවත් පොලිසිය පවසයි. 
සැමියාගෙන් නීත්‍යනුකූලව වෙවී නොමැති ඇය වන්දියකින් පමණක් සෑහීමට පත් නොවී සම්පූර්ණයෙන්ම දේපළ අයත් කර ගැනීමට තම පුත්‍රයා මෙලෙස ඝාතනය කරන්නට ඇති බවත් මරණකරුගේ මව පොලිසිය හමුවේ ප්‍රකාශ කර සිටී.
මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් අලවත්ත මහතාගේ උපදෙස් හා මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ .
« PREV
NEXT »

Facebook Comments APPID