BREAKING NEWS
latest

728x90

468x60

ගිලුණු යුධ නැවේ අසිරිය දකින්න මුහුදු පතුලට එන්න

යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිත කළ මිල අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් මීගමුවට ආසන්න බටහිර මුහුදේ ගිල්වා දැමීමට නාවික හමුදාව පසුගියදා (26) කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ මීට අමතරව මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ වෙලින් නෞකාව ද මෙම ප්‍රදේශයේදී මුහුදුබත් කළ බවයි.

හිටපු ජනාධිපතිවරුන් යුද සමයේ භාවිත කළ වෙඩි නොවදින රථ වෙන්දේසි කිරීමට හැකියාවක් නොමැති අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ද නොමැත.

මේ හේතුවෙන් එම රථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව බටහිර මුහුදේදී ගිල්වා දැමීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

එමෙන්ම එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද වෙලින් හෙවත් ඒ 522 නෞකව යුධ සමයෙන් පසු නාවික හමුදාව අත්පත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නෞකාව මේ වන තෙක් නාවික හමුදාව භාරය ආරක්‍ෂිතව කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණි.

නෞකාව භාවිතා කිරීමට නොහැකි තත්ත්වයේ පැවති හෙයින් එය නිසි ක්‍රමවේදයන්ට අනුව මුහුදේ ගිල්වා දැමිමට රජය තිරණය කළ අතර, ඒ අනුව පසුගියදා බටහිර මුහුදු තීරයේදී ඒ 522 නෞකා‍ව ගිල්වා දැමිමට නාවික හමුදාව කටයුතු කරන ලදී

යකඩ ලබා ගැනීම සඳහා මෙම නෞකාවේ කොටස් වෙන්දේසි කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද ඊට හිමිවී ඇත්තේ අඩු ලංසුවකි. ඒ හේතුවෙන් මෙම නෞකාව ද මුහුදුබත් කර දැමීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

තවද, ගිල්වන ලද නෞකව තුල විශාල වශයෙන් කොරල්පර බිහිවිම සහ ජලජ ජිවින් ගැවසිම හේතුවෙන් දේශිය සහ විදේශිය සංචාරකයින් හට කිමිදුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති අතර, එය අප රටේ සංචාරක ව්‍යාපරයට මහත් රැකුලක් වනු ඇත.












« PREV
NEXT »

Facebook Comments APPID