BREAKING NEWS
latest

728x90

468x60

සොරාගේ ගණදෙව් නුවණට කෝවිලේ කපුවත් රැවටිලා

පොලිසිය මගින් අල්ලා ගත් සොරකු තමා දොලොස්‌බාගේ මේරිවිල වත්තේ ගණදේවි කෝවිලේ පිං පෙට්‌ටි දෙක කඩා එහි මුදල් සොරාගත් බව පැවසුවද එම දේවාලයේ භාරකරු විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමේ අපූරු පුවතක්‌ ගම්පොල පොලිසියේදී අනාවරණය විය.

සිද්ධිය මෙසේය.

විශාල සිල්ලර කාසි පාර්සලයක්‌ ගම්පොල නගරයට රැගෙන ආ පුද්ගලයකු එහි මුදල් කොළ වලට මාරු කිරීමට සැරසෙන බවට ගම්පොල පොලිසියේ වැලලී ගිය අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. චන්ද්‍රවංශ මහතාට දැන ගන්නට ලැබී ඒa පිළිබඳව සොයා බලා තිබේ.

සැකකටයුතු මේ පුද්ගලයා පොලිසිය වෙත රැගෙන විත් පරීක්‍ෂා කිරීමේදී මොහු මෙලෙස ගණදෙවි කෝවිලේ පිං කැට දෙක කඩා ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව එම කෝවිලේ භාරකරුවා කැඳවා මේ බව පැවසුවද ඔහු එය ප්‍රතික්‍ෂේප කොට ඇති අතර සොරා ඒa බව කීවද මොහු පිළිගෙන නොමැත.

පසුව සොරාත් රැගෙන එම කෝවිලට ගියද කෝවිල් පිං කැටය කඩා නොමැති බව භාරකරු පවසා ඇත්තේ කිසිදු බාහිර සලකුණක්‌ නොමැති නිසාය.

පසුව සොරාම තමා දේවාලයට ඇතුළු වූ තැන පෙන්වා පිං පෙට්‌ටි දෙක කඩා ඇති අයුරු පෙන්වා තිබේ.

ඒ අනුව දේවාල භාරකරු මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇති අතර එම සොරා ගම්පොල පොලිසිය මගින් කුරුඳුවත්ත පොලිසියට භාරදෙන ලදී.
« PREV
NEXT »

Facebook Comments APPID