BREAKING NEWS
latest

728x90

468x60

මෙවර සා.පෙළ ප්‍රථමයෝ 6 මෙන්න - දෙවැනියෝ ද 9 ක්‌

ගොසිප්99 අප මේ පිළිබදව ඊයේ (29) පැවසූ පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර ප්‍රථම ස්‌ථානයට පත් වීමට සිසුවියෝ පස්‌ දෙනෙක්‌ සහ සිසුවෙක්‌ සමත්ව සිටිති.
ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයෙන් සිසුවියන් දෙදෙනකුම ප්‍රථම ස්‌ථානයට පත්ව සිටීම විශේෂත්වයකි. 

සිසු සිසුවියෝ නව දෙනෙක්‌ම මෙවර දෙවැනි ස්‌ථානයට ද පත්ව සිටිති.


ප්‍රථම ස්‌ථානයට පත්ව සිටින්නේ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ එස්‌. එම්. කසුනි හංසනා තත්සරණි සෙනෙවිරත්න හා කේ. ඒ. චමෝදි රවීසා සුබසිංහ, මහනුවර උසස්‌ බාලිකා විදුහලේ නවෝද්‍යා ප්‍රභාවී රණසිංහ, මහනුවර මහාමායා බාලිකා විදුහලේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා විමලවීර, මාතර සුජාතා විදුහලේ එම්. පී. රන්දි ලක්‌ප්‍රිය යන සිසුවියන් සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ ඒ. එම්. ඒ. කවීශ ප්‍රතිභාත් ශිෂ්‍යයාය. 

කොළඹ දේවි බාලිකා විදුහලේ එච්. එම්. ජී. නිපුනි ඉන්දීවරී හේරත්, කොළඹ 07 සී. එම්. එස්‌. බාලිකා විදුහලේ අභීෂා ගීතාංජලි ගුණවර්ධන ප්‍රනාන්දු, නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විදුහලේ රිසිනි දිනාරා කුමාරසිංහ යන සිසුවියෝ ද, කොළඹ 10 සාන්ත ජෝශප් විදුහලේ එම්. කේ. සන්දීප සිරිවර්ධන, ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ ඩබ්ලිව්. එච්. තිමන්ත සමාධි වික්‍රමසිංහ යන සිසුහුද දෙවැනි ස්‌ථානයට පත්ව සිටිති.

මීට අමතරව හෝමාගම මහින්ද රාජපක්‌ෂ විදුහලේ සෙනුරි දිල්රූ මල්ලිකාරච්චි, යාපනය වෙම්බඩි උසස්‌ බාලිකා විදුහලේ මිරුති සුරේෂ් කුමාර්, මහනුවර හිල්වුඩ් විදුහලේ ආර්. එච්. නිසංසා කසුන්දි ගොකරැල්ල සහ මාතර සුජාතා විදුහලේ පී. එස්‌. අමන්දි නයනතාරා ජයසූරිය යන සිසු සිසුවියන් ද දෙවැනි ස්‌ථානයට පත්ව ඇත.‍



« PREV
NEXT »

Facebook Comments APPID