Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

BREAKING NEWS

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය. මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ ඥාතී විවාහ උත්සවයක් සඳහා වන අතර එයට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය.මියයන මොහොතේ ඇය අසළ ඇගේ සැමියා හා එක් දියණියකද සිටි බව වාර්තා විය.

ශ්‍රී දේවිගේ සැමියා වන්නේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් වන අතර ඇයට දියණියන් දෙදෙනෙකි. නමසිය අසූව දශකයේ හින්දි සිනමාවේ රැජිණිය ලෙස බැබළුණ ශ්‍රී දේවී නූතන බොලිවුඩ් සිනමාවේ වර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් දායක කළ නිළියකි.

හින්දි සිනමාවේ පළමු කාන්තා සුපිරි තරුව ලෙස නම් දැරුවේද ශ්‍රී දේවිය.චිත්‍රපට 275කට අධික සංඛ්‍යාවකට එක්ව හින්දි සිනමාවට අමතරව දමිළ, තෙලිඟු, මලයාලම්, කර්නාටක චිත්‍රපටවලද කැපී පෙනෙන රංග දායකත්වයක් ඇය සිදු කර ඇත.

සාද්මා (1983), නාගිනා (1986), මිස්ටර් ඉන්දියා (1987), චාන්දනී (1989) , චාල්බාස් (1989), ලාඩ්ලා (1994) ,ජුදායි (1997) බොලිවුඩ් චිත්‍රපට වල එකදිගට රඟපා දරුවන්ගේ කටයුතු නිසා රංගනයෙන් කාලයක් ඉවත්ව සිටි ඇය නැවත 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටය සමග යළි රංගයට එක්වූ අතර මියයන අවස්ථාව වනවිටත් චිත්‍රපට රංගනයෙහි නිරතවෙමින් සිටියාය.

2013 වසරේදී ඉන්දීය රජය ඇයට පද්ම ශ්‍රී සම්මානය පුදනු ලැබුවේ සිනමාවට දැක්වූ මෙහෙවර වෙනුවෙනි. ඇගේ සමුගැනීම වාර්තාවූ සැණින් ඉන්දීය අගමැති මෝදි සිය ට්විටර් ගිණුම ඔස්සේ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණි.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak

728x90

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

GOSSIP99

Advertisements

Loading...

GALLERY