BREAKING NEWS
latest

728x90

468x60

මසාජ් සෙන්ටර් හිමිකාරියගෙන් රු.30,000 ක්‌ ගනිද්දී වෙන්නප්පුව ඒ.එස්‌.පී. අතේ කෝර්ටි

වෙන්නප්පුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක හිමිකාරිනියකගෙන් රුපියල් තිස්‌දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාගත් බව කියන වෙන්නප්පුව සහකාර පොලිස්‌ අධිකාරි (ඒ.එස්‌.පී.) දේශප්‍රිය ජයතිලක මහතා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (27දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සහකාර පොලිස්‌ අධිකාරිවරයා එම අල්ලස්‌ මුදල දිවුලපිටිය ප්‍රදේශයේ මාර්ගයක්‌ ආසන්නයේදී සම්බාහන ආයතනයේ හිමිකාරිනියගෙන් ලබා ගනිද්දී එහි සිටි අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්‌ථානයක හිමිකාරිනියට කතාකර ඇති බව කියන සැකකාර සහකාර පොලිස්‌ අධිකාරිවරයා එම ආයතනය ගැටලුවකින් තොරව පවත්වාගෙන යැමට අවශ්‍ය නම් රුපියල් හතළිස්‌ දහසක්‌ ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එම කාන්තාව මේ පිළිබඳව පුත්තලම දිස්‌ත්‍රික්‌ නියෝජ්‍ය පොලිස්‌ පතිවරයාටද පැමිණිලි කර තිබිණි. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාද විමර්ශනයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

අදාළ අල්ලස්‌ මුදලින් රු. තිස්‌දහසක්‌ ගෙවීමට කැමැති බව පවසා ඇති ව්‍යාපාරික කාන්තාව පසුව සිද්ධිය පිළිබඳ අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරු 9.30 ට පමණ සැකකරු අල්ලස්‌ මුදල ලබාගනිද්දී අල්ලස්‌ කොමිසමේ නිලධාරීන්ට කොටු වී ඇත.

අල්ලස්‌ කොමිසම මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යයි.
« PREV
NEXT »

Facebook Comments APPID