BREAKING NEWS
latest

728x90

468x60

මහවැලි වියානා ඇළට තවත් මෝටර් රථයක්‌ පෙරළෙයි - පුද්ගලයෙක්‌ අතුරුදන් 3 ක්‌ බේරෙයි

බණ්‌ඩාරවෙල සිට මහියංගන දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක්‌ මාපාකඩ වැව 17 කණුව ප්‍රදේශයේදී මහවැලි වියානා ඇළට පෙරළීමෙන් පුද්ගලයකු අතුරුදන්ව ඇති අතර ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවකු විසින් දියේ ගිලෙමින් සිටි තිදෙනකු බේරාගෙන ඇත. මෙම රිය අනතුර සිදුව ඇත්තේ ඊයේ (26 දා) උදැසන 7.20 ට පමණ වේ.


මෙම රිය අනතුර සිදුවන අවස්‌ථාවේ කාර් රථයේ මාපාකඩ වැවතිස්‌සපුර විද්‍යාලයේ සේවය සඳහා යමින් සිටි ගුරුවරු තිදෙනෙක්‌ හා රියෑදුරු ලෙස බිබිල ප්‍රදේශයේ සේවය සඳහා යමින් සිටි බැංකු ලිපිකරුවකු සිට ඇත. දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ තිස්‌සපුර විද්‍යාලයේ සේවය සඳහා යමින් සිටි නලීන් කාරියවසම් නමැති වැලිමඩ ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකි. දියේ ගිලී දිවි බේරාගත් කේ. ඩී. ඉනෝකා දිල්රුක්‌ෂි නම් බණ්‌ඩාරවල පදිංචි ගුරුවරියක්‌ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. රිය පැදවූ බැංකු නිලධාරි පී. ජී. ඩී, එම්. ගුණසේකර හා පී. ජී. එස්‌. ඩී. ගුණසේකර (ගුරුවරයෙකි) සහෝදරයන් දෙදෙනා දියේ පිහිනා ප්‍රදේශවාසීන්ගේ සහයෙන් දිවි බේරාගෙන ඇත.

මහියංගන පොලිසියේ නියෝජ්‍ය ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රුවන් වීරකෝන් මහතා හා මහියංගන පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති නුවන් රණවීර මහතා හා රථවාහන නිලධාරීන් මාපාකඩවැව පොලිස්‌ පුහුණු පාසලේ ජීවිතාරක්‍ෂක නිලධාරීන් හා ගම්වාසීන් එක්‌ව වියානා ඇළට පෙරළුණු කාර් රථය මහත් පරිශ්‍රමයක්‌ යොදා ගොඩගන්නා ලදී.

මහියංගන සහකාර පොලිස්‌ අධිකාරි උජිත් ලියනගේ මහතාගේ උපදෙස්‌ මත මහියංගන පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්‌ව අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත.

මහියංගණ - රංජිත් කරුණාවීර
« PREV
NEXT »

Facebook Comments APPID