BREAKING NEWS
latest

728x90

468x60

පිළිකා රෝගයෙන නැති වුන අම්මා වෙනුවෙන් පිළිකා රෝගීන්ට රෝහලක් හදන්න යන වෛද්‍යවරිය

උදුම්බරා සෙව්වන්දි. මැය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒවගේම තමයි ඇය නර්තන විශාරදවරියක්. ඉතින් ඇය විසින් උසස් සමාජ කටයුත්තක් කරන්න ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එනම් පිළිකා රෝගීන් වෙනුවෙනුයි මැය මේ ප්‍රසංගය කරන්නේ. මේ ඇය ඒ පිළිබඳ කියා තිබූ කරුණුයි.

මොකක්ද මේ ප්‍රසංගය?
ඉඳුවර නූපුර නමින් නර්තන ප්‍රසංගයක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. 2017 නොවැම්බර් මස 25 වැනි දින සවස 5.00ට කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදීයි මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ.

කොහොමද මෙවැනි ප්‍රසංගයක් සංවිධානය වෙන්නේ?
මේ කටයුත්ත සංවිධානය කරන්නේ ගාල්ල දිස්ත්‍රික් සිංහ සමාජය විසින්. සුවිශේෂී අරමුණක් පෙරදැරිවයි මෙම ප්‍රසංගය සිදු කරන්නේ. කරාපිටිය අලුතින් පිළිකා රෝහලක් ඉදිවෙනවා. එය ශ්‍රි ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාව ව්‍යාපෘතියක් හැටියටයි ආරම්භ වීමට නියමිත. ඉතින් මේ සමාජමය කාර්ය භාරයට අරමුදලක් එක්රැස් කිරීමේ අරමුණින් එහි ඉදිකිරීම් ආරම්භ වන සුබ මොහොතේ තමයි අපි මෙවැනි කටයුත්තක් සංවිධානය කළේ.

මේ සඳහා කොහොමද ඔබ ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන්නේ?
කරාපිටියේ දැනටම පිළිකා ඒකකයක් පවතිනවා. ඉන් එහාට ගොස් දීර්ඝකාලීනව නේවාසිකව පිළිකා රෝගීන්ට අතරමැදි නිවහනක් ගොඩනැගීමයි අපේ අරමුණ. ඉතින් මේ ප්‍රසංගය බලන්න ප්‍රවේශපත්‍රයක් ගැනීමෙනුත් ඒ වගේම තමාට හැකි ආකාරයට ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවට මුදල් හෝ අවශ්‍ය සම්පත් පරිත්‍යාග කිරීමෙනුත් ඔබටත් අපිත් එක්ක මේ මහඟු සමාජමය කාර්යයට එක්වෙන්න පුළුවන්.

වෛද්‍යවරියක් හැටියට ඇයි ඔබට මේ සඳහා සහභාගි වෙන්න හිතුණේ?
වෛද්‍යවරියක් හැටියට මම කොහොමත් සමාජමය කාර්යභාරයක් ඉටුකරන කෙනෙක්. එතැනදි මීට පෙර කුඩා දරුවන් වෙනුවෙන් ළමා හදවත් සුවපත් කිරීමට දායක වන ලෙස නර්තන සෙව්වන්දිය නමින් ප්‍රසංගයක් කළා. මගේ අම්මා අපි අතරින් සමුගත්තේ මම අවසන් වසර වෛද්‍ය සිසුවියක් හැටියට කටයුතු කරන කාලයේ පිළිකා රෝගය හේතුවෙන්.එහිදී අම්මත් එක්ක මහරගම පිළිකා රෝහලේ ගත කරපු ඒ අතීත මතක එක්ක මම හොඳින් පිළිකා රෝගීන්ගේ සිතුවිලි හඳුනනවා. ඒ නිසා මම නිරායාසයෙන්ම මෙවැනි කටයුත්තකට යොමුවුණා.

දිගටම මෙවැනි කාර්යයන්හි නිරත වෙන්න බලපොරොත්තු වෙනවාද?
මගේ ගුරුතුමිය ප්‍රවීණ නර්තනාචාරිනී මිරැන්ඩා හේමලතා මහත්මිය. මේ වෙනකොට ඇයට වයස අවුරුදු 70ක් වෙනවා. ඉතින් ඇයගෙත් සහයෝගය ඇතුව දෛවයේ වාසනාවට මට මේ ලැබුණු හැකියාව මම දිගටම ප්‍රගුණ කරනවා. ඇයත් එක්ක එකතුවෙලා ළමා රෝහලේ නර්තන චිකිත්සා ඒකකයක් පවත්වාගෙන යනවා. චිකිත්සාවක් ලෙස දරුවන්ට නර්තනය තුළින් සුවතාවයක් ලබාදීමයි අපේ අරමුණ. ඉතින් දිගටම මම සමාජය වෙනුවෙන් මෙවැනි කාර්යයන්හි නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.





« PREV
NEXT »

Facebook Comments APPID