BREAKING NEWS
latest

728x90

468x60

එක පාරක් චාර්ජ් කරලා කි.මි 1000 ක් යන ලොව වේගවත්ම කාරය ටෙස්ලා වෙතින් එළියට

විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිපදවන සමාගමක් වන ටෙස්ලා “ලොව වේගවත්ම මොටර් රථය” හඳුන්වා දී තිබේ.

ඊයේ රාත්‍රියේ මෙ පිළිබඳ මාධ්‍යයට අණාවරණය කිරීමට එම සමාගම කටයුතු කළේය.


2020 වෙළඳපොළට නිකුත් කිරීමට සැරසෙන මෙම ‘ටෙස්ලා රෝඩ්ස්ටර්‘ මොටර් රථයට තප්පර 1.9කදී කිලෝමීටර් 96ක වේගයක් ලබාගත හැකි යැයි පැවසයි.

එමෙන්ම තප්පර 4.2 කදී කිලෝමීටර් 160ක වේගයක් ලබාගත හැකි යැයි පැවසන මෙම මොටර් රථයට, තප්පර සැතපුම් හතරෙන් එකක් තප්පර 8.9කදී ආවරණය කළ හැකි යැයි කියයි.එවන් හැකියාවක් ඇති ලොව පළමු නිෂ්පාදනය මෙය බවද එම ආයතනය කියයි.

කිලෝ වොට් 200ක පමණ බැටරියකින් සමන්තිවිත ටෙස්ලා රොඩ්ස්ටර් රථයට එක් ආරෝපණයකින් කිලාමීටර 997.7 දුරක් ගමන් කළ හැක.

කෙසේ වෙතත් මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 400 ආසන්න අගයක් වනු ඇතැයි පැවසේ.එමෙන්ම මෙය ඇමරිකානු ඩොලර් 200 000 ( රු. 30 730 000 ) මිලකට වෙළඳපලට එක්වනු ඇතැයි පැවසේ.






« PREV
NEXT »

Facebook Comments APPID