BREAKING NEWS
latest

728x90

468x60

මාලබේ පාසලක්‌ ළඟ මත්පෙති විකුණලා - තරුණයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට

මාලබේ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක්‌ අසල පාසල් ළමයින් ඉලක්‌ක කරගෙන මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ඊයේ (12 දා) දහවල් තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් ළඟ අලෙවි කරන්නට තිබූ මත්පෙති 211 ක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරුවන් මාලබේ රොබට්‌ ගුණවර්ධන මාවතේ සහ හොරහේන හෝකන්දර ප්‍රදේශයන්හි පදිංචි 20 සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි. සැකකරුවන් කාලයක්‌ තිස්‌සේ ඉතා සූක්‍ෂම අයුරින් මෙම පාසල් ළමුන් සඳහා නීති විරෝධී මත්පෙති අලෙවි කර ඇත.

සැකකරුවන් මෙම මත්පෙති පිටකොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් මෙම සැකකරුවන් දෙදෙනා සමග තවත් කල්ලියක්‌ එක්‌වී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවැසීය.

තලංගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අර්ජුන් මාහින්කන්ද මහතාගේ අධීක්‍ෂණයෙන් එහි දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. කුෂාන් විඡේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් (56771) සුමනදාස, පො.කො. වරුන් වන (12155) ආරියරත්න, (11765) සෙනරත් යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

ඔරුවල - සරත් ද සිල්වා, ඇන්ටන් ප්‍රනාන්දු
« PREV
NEXT »

Facebook Comments APPID