BREAKING NEWS
latest

728x90

468x60

ඔයාත් අපේ ගෙදර එන්න.එද්දී කෝල් එකක් දීලා එන්න හොදේ – ජනපති හමුවට ආ දියණිය කිව්ව කතාව

කුඩා දැරියක් අද උදැසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවශ්‍යය බව පවසමින් ජනාධිපති නිල නිවස අසලට පැමිණ ආරක්ෂක නිලධාරීන්ට එම දැරිය ඇද ඇති ජනපතිගේ රුව සහිත චිත්‍රයක්ද පෙන්වමින් ජනාධිපතිතුමා හමුවී එම චිත්‍රය ලබාදිය යුතු බව පවසා සිටියේය.


වයස අවුරුදු 07 ක් වන එම්.එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට පැමිණ ඇත.එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත.


තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිණි. කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට එතුමා මදකින්වත් පැකිළුණේ නැත.

නිලධාරින් යවා දැරිය තමා අසළට කැදවූ ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසීය.
මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසදරක නිරත වූ දැරිය, තමා අතින් ඇදි චිත‍්‍රයක් ද එතුමා වෙත පිළිගැන්වීය. එපමණක් නොව එම චිත‍්‍රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාට කීවාය.

ඉන් පසුව බදුල්ලේ පැමිණි දවසක එම දැරියව බැලීමට පැමිණෙන බව කි ජනාධිපතිවරයට එම දැරිය කියා සිටියේ එන්න කලින් කෝල් එකක් ලබා දී එන ලෙසය.

එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූයේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමිනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

« PREV
NEXT »

Facebook Comments APPID