කඩුවෙල – මාතර අතර අධිවේගී මාර්ගයේ ධාවනය වන NB -7356 දරණ මෙම සුඛෝපභෝගී බස් රථය මාතර ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එහි රියදුරු වන සරත් කුමාර විදානගේ මහතා බස් රථය නිසිලෙස නඩත්තු කරමින් අද දින වන විට කිලෝමීටර් හයලක්ෂ විසිතුන් දහසක දුරක් ධාවනය කර ඇත්තේ ක්ලච් ප්ලේට් හෝ මාරු නොකිරීමෙන්ය ලයිනර් ගැසීමද සිදු කොට ඇත්තේද දුර ප්‍රමාණය කිලෝමීටර් ලක්ෂ හය ඉක්මවීමෙන් පසු වීම විශේෂත්වයකි.
ඒ වෙනුවෙන් ත්‍යාග පිරි නැමිමක් ඔහු අගය කරමින් අද දින සිදු වූයේ ශ්‍රී ලංගම කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරතුමන් හා විනය පරික්ෂක වන සරත් වල්ගම්පාය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ යු ටෝන් බස් රථ සමාගමේ චීන ජාතික සභාපතිවරයාගේ ද සහභාගිත්වය සමගය. වර්තමානයේ ලංගම රියදුරන් සැමටම මොහු ආදරශයක් ලබා දෙයි.