BREAKING NEWS
latest

728x90

468x60

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් 2 වනිදා ලංකාවට

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එළඹෙන 2 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 70ක් සපිරෙන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව මැල්කම් ටර්න්බුල් මහතා ප්‍රකාශ කරයි.

මේ වසරේ මුල් භාගයේ ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට හැකිවූ බවද එය අගය කරන බවද හෙතෙම පෙන්වා දී තිබේ.

දෙරට අතර ද්වීපාර්ශවික සහයෝඟීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම, ආරක්ෂක සහයෝඟීතාවය ශක්තිමත් කර ගැනීම මෙන්ම නීති විරෝධී මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම ආදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ ඉදිරියටත් සහයෝඟයෙන් කටයුතු කරන බවද ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි
« PREV
NEXT »

Facebook Comments APPID