මගීන් 19 ක් රැගෙන යා හැකි සුපිරි ජෙට් යානාවක් බොම්බඩියර් සමාගම නිපදවා ඇත.
එහි වටිනාකම ස්‌ටර්ලින් පවුම් මිලියන 55 කි.
නිදන කාමරයකින්ද, නාන කාමරයක් සහ රූපවාහිනි නැරඹීමේ මැදිරියකින්ද සමන්විත මේ යානාවේ නියමුවා සහ කාර්ය මණ්‌ඩලය සඳහාද වෙනම කුටියක් ඇත. මෙ ජෙට් යානාව සුපිරි පහසුකම්වලින් යුක්‌තය. මේ යානාව 2018 දී වෙළෙඳපළට පැමිණේ.