BREAKING NEWS
latest

728x90

468x60

අනුරාධපුරයේ තිබුණේ යැයි කියූ මත්ද්‍රව්‍ය සාදය “කයිසර්ගේ” වැඩක්ද?


මුහුණු පොතෙන් හමුවුණ තරුණයින් පිරිසක් පහුගිය දවසක අනුරාධපුර පූජා නගරයෙදි පැවත්වුවා කියපු මත් දුව්‍ය සාදයක් ගැන බොහෝ දෙනා කතා වුණා.අනුරාධපුර යාපනය හංදිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක මේ සාදය පැවත්වුණා කියලත්,මේ සදයට ආපු තරුණයෝ පානය කළ මත්පැන්, ගංජා සුරුට්ටු වල ගඳින් එදා මුළු අනුරාධපුර පූජා භූමියම නැහැවිලා තිබුණා කියල චෝදනා කරපු අය කියලා තිබුණා.

කොහොම වුණත් එදා ඒ නිවාඩු නිකේතනයෙදි තිබිලා තියෙන්නේ මත්පැන් සදයක් නම් නෙමෙයි.පහුගිය දවස් වල ගොඩක් අය කතාවුණු රැප් ගායක කයිසර් කයිස්ගේ කොන්සර්ට් එකක්.‘ගෝස්ති‘ය කියලා තමයි මේ කොන්ස්ර්ට් එක නම් කරලා තිබුනේ.එදා ඇත්තටම මොකද වුණේ අහන්න අපි කයිසර්ට කතා කළා.මේ චෝදනා කරන අය කියන විදියේ කිසි දෙයක් වුණේ නැහැ කියලා තමයි කයිසර් අපිට කීවේ….

‘‘එදා (10) තිබුණේ කොන්සර්ට් එකක්.නැතුව මත්ද්‍රව්‍ය සාදයක් නෙමෙයි.අපි කාටවත් කුණුහරප කියන්න දුන්නේනෑ..මම පර්සනලි හැමෝටම කීවා කුණුහරප කියන්න එපා කියලා.එක පාරක් කෑවනේ දැන් පරිස්සමින් වැඩ කරන්නේ..සවුන්ඩ් පර්මිෂන් නැතුව පැය එක හමාරකට කොන්සර්ට් එක නවත්වන්න වුණා.පස්සේ අපි පොලීසියෙන් අවසර අරන් ආයෙ පටන් ගත්තේ.වෙන කිසි දෙයක් වුණේ නෑ.ළඟ හෝටලයක පිරිසක් තමයි මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ.සමහරු කියනවා එදා මුලු පාළාතම ගංජා ගඳීන් නැහැවිලා තිබුණලු..

…හැබැයි අපිට නම් ඒ වෙලේ ගංජා සුවදක්වත් ආවේ නැහැ..අපි 5 30ට එතනින් ආවා ඊට පස්සේ වුණ දේවල් දන්නේ නැහැ.ඇවිල්ලා හිටපු ගොඩක් අය අනුරාධපුරේ නෙමෙයි.පිට පළාත්වල අය.සමහර අය ඇවිත් තිබුණේ එයාලගේ ගෙවල් වල අය එක්ක.මේ වගේ ඉවෙන්ට් එකක් කවදාවත් ඒ පැත්තේ තිබිලා නෑ එයාලා හිතන්නේ මේක බීච් පාටියක් කියලා.රැප් හින්දා හැමෝම අමුතුවට බලන්නේ..ඇත්තටම ඔය කියන දේවල් වුණානම් මං සමාව ගන්න දෙපාරක් හිතන්නේ නෑ..මොකද මම කලිනුත් මං ඇතින් වැරැද්දක් වුණ වෙලේ ප්‍රසිද්ධියේ සමාව ගත්තා.හැබැයි එදා ඔය කියනවා වගේ දෙයක් වුණේ නැහැ කියලා මං සහතික කරලා කියනවා..‘..'


« PREV
NEXT »

Facebook Comments APPID