දියණියන්ද රථය තුල සිටියදී රංගනද සිල්වාගේ මෝටර් රථය ගිනි ගනී.මාධ්‍යෙව්දී රංගන ද සිල්වාගේ මෝටර් රථය IDH රෝහල ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
මොටර් රථය ඇතුළත ඇති මීටර් පුවරුවේ සියලුම ලාම්පු එකවර දැල් වී ඉන් අනතුරුව රථයේ ඉදිරිපස ඇති දකුණු ප්‍රධාන ලාම්පුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එම අවස්ථාවේ රංගනගේ දියණිය සහ සොයුරාගේ දියණියද මෝටර් රථය පසුපස සිට තිබෙනවා.
කෙසේ වෙතත් ගින්න හටගැනීමත් සමඟ දරුවන් සහ රංගන මෝටර් රථයෙන් පිටතට පැමිණ ඇති අතර දරුවන් දෙදෙනාද ආරක්ෂක ස්ථානයක රඳවා තිබුණා.
එම අවස්ථාවේදී දරුවන් කලබලයට පත්වී කෑගැසීමත් සමඟ රංගනව හදුනා ගත් එම ස්ථානයට පැමිණි අසල්වැසි පිරිස මෝටර් රථයේ ගින්න නීවීමට උපරිම අයුරින් උපකාර කර තිබෙනවා.
අසලට ආ ජනතාව නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගත්බව ඔහු පවසා ඇත. මෝටර් රථය අනතුරට පත්වීමෙන් රංගන ද සිල්වාට සහ දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු නොවූ බව රංගනද සිල්වා පවසා ඇත.