කලා ක්ෂේත්‍රය හැඬවූ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් අද අවසන් ගමන් ගියා. ඔහුට ආදරය කළ රසිකයන්ගේ, හිතවතුන්ගේ මෙන්ම ඥාතින්ගේද සෝසුම් මැද අද තිහාරිය මල්වත්ත සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණා.
ඊයේ දිනයේ දසුන්ගේ නිසල දේහය තැන්පත් කර තිබුණේ ගම්පහ මල් ශාලාවකයි. එහිදි දසුන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට කලා ක්ෂේත්‍රයේ මිතුරන්, රසික රසිකාවියන් මෙන්ම ඥාතින්ද පැමිණ සිටියා.
පසුගිය සඳුදා සිය තාවකාලික නවාතැනේදී දසුන් සියදිවි නසාගෙන තිබුණේ පෙම් පළහිලව්වක ප්‍රතිඵලයක් වශයෙන්.
එහිදි ඔහු සිය දිවි හානි කර ගන්නා බව පවසා ලිපියක්ද ලියා සිය ජංගම දුරකතනයෙන් එම අවස්ථාව වීඩියෝ ගත කර තිබුණා.
විවාහකයෙකු වූ දසුන් තුන්කෙන් ප්‍රේමයකට මැදිව ඉක්මන් තීරණයක් ගෙන තිහාරිය මල්වත්ත සුසාන භූමියේදී යළි නොඑන ගමන් ගියේ බොහෝ දෙනෙකුට ජීවිතය පිළිබඳ අපූරු පාඩමක්ද කියා දෙමින්.