BREAKING NEWS
latest

728x90

468x60

සෙව්වන්දිගේ පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

බද්ධ කිරීම සඳහා සුදුසු හදවතක් ලැබී තිබියදී එම බද්ධ කිරීම සිදු නොකර සිටීමෙන් තම දියණියගේ ජීවිතය අවධානමට ලක්වීම හරහා ඇගේ මානව හිමිකම් උල්ලංඝනයවී තිබෙන බව පවසමින් මහනුවර මහ රෝහ‍ලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන සෙව්වන්දි තරුණියගේ පියාවන මහේෂ් කුමාර නැමැති අය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හදවතක් බද්ධ කිරීමෙන් පමණක් ජීවිතය බේරා ගැනීමට හැකි තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තම දියණියට සිදුකළ යුතු ශල්‍යකර්මය සිදු නොකිරීම වෛද්‍ය ආචාරධර්ම වලට පටහැනි අතරම එය නීතියට හා යුක්ති ධර්මයන්ට එරෙහි බවත් එම ලිපිය මගින් තරුණියගේ පියා දක්වා ඇත.

සැත්කමට ලක් වීමට සිටි තරුණිය මාස හතක පමණ කාලයක් මහනුවර මහ රෝහ‍ලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයට හදවත් බද්ධය සිදු කිරීම සම්බන්ධයෙන් ඇගේ පියා අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ල මහනුවර පොලීසියට පෙරේදා (24) යොමුකර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය අදාළ චෝදනා එල්ලවූ වෛද්‍යවරුන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID