BREAKING NEWS
latest

728x90

468x60

වටරැක විජිත හිමි අත්අඩංගුවට

ජනාධිපති ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික බල සේනාවේ මහ ‍ලේකම්, මහියංගණය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොටුව ‍පොලිසිය විසින් ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන ඇත.

කොටුව ‍පොලිසිය විසින් වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, උන්වහන්සේගේ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී, නීතීඥ රුවන් ගුණසේකර මහතා කීය.

අත්අඩංගුවට ගත් වටරැක විජිත හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ‍පොලිසිය පවසයි.
තමා විසින්ම තුවාල කරගෙන පැහැරගෙන ගියා යැයි පැවසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වටරැක විජිත හිමියන් ඉකුත් 2014 වසරේ ජූනි මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

තවත් වරෙකදී, වටරැක විජිත හිමියන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත බොදු බල සේනා සංවිධානය විසින් එහි ගොස් කලහකාරී තත්වයක්ද උද්ගත විය.

වටරැක විජිත හිමියන් මහියංගණය ප්‍රාදේශීය සභාවේ මහා සභා වාරයට සහභාගි වන අවස්ථාවකදී ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් ‍පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රාදේශීය සභාවේ පිටුපස දොරකින් ඇතුළු විය.

සාලිය කුමාර ගුණසේකර
« PREV
NEXT »

Facebook Comments APPID