BREAKING NEWS
latest

728x90

468x60

ඇඟලුම් කතකට අතවර කළ 2ක් වසර 20ක් හිරේ

කටුනායක ආයෝජන කලාපයේ සේවය නිමවා නිවෙසට එමින් සිටි විවාහක කාන්තාවකට රංචු ගැසී අතවර කිරීම සම්බන්ධයෙන් අධි චෝදනාවලට වරදකරුවන් වූ චුදිතයින් දෙදෙනකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වසර 20 බැගින් බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කරමින් රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් කාන්තාවට ගෙවන ලෙස ද ඉකුත් 18 දින නියම කළේය.

2002-09-02 දින වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පත්තලගෙදරදී 47 හැවිරිදි විවාහක කාන්තාවක් ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් අමානුෂික අයුරින් අතවර කිරීම සම්බන්ධයෙන් පත්තලගෙදර පදිංචිකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබුණි.

මෙම චුදිතයින් දෙදෙනාට වෙන් වෙන්ව පළමු චෝදනාවට රුපියල් 1000 ක දඩයක් ද, දෙවන චෝදනාවට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වන්දි මුදලක් ද ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙසේ දඬුවම් ලැබුවේ පත්තලගෙදර පදිංචිකරුවන් දෙදෙනකු වූ වීරසිංහ විතානආරච්චිගේ ලලිත් ප්‍රේමකුමාර සහ හේවාවලාකැටියගේ ඉන්දික සම්පත් වරාජීව නමැති දෙදෙනකුටය. දඩ මුදල් සහ වන්දි නොගෙවන්නේ නම් වසරකුත් මාසයක සිරදඬුවම් ද නියම වන වගට නියෝග විය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සුමිත් සේනානායක මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය පෙනී සිටියාය. වේයන්ගොඩ පොලිසියේ පො. සැ. 6247 පැමිණිල්ල වෙනුවෙන් සහාය විය.
« PREV
NEXT »

Facebook Comments APPID