BREAKING NEWS
latest

728x90

468x60

ප්‍රියංකා චොප්රා පාකිස්ථානයෙන් සමාව ගනී | Priyanka Chopra

Quantico කතා මාලාව හරහා ජනප්‍රිය වී සිටින ප්‍රියංකා එම කතා මාලාවේ එෆ්.බී.අයි. පරීක්ෂකවරියක වන ඇලෙක් පෙරිෂ්ගේ චරිතයට පණ දෙයි. මේ වනවිට තිරගත වන්නේ Quantico කථා මාලාවේ තෙවැනි වැඩසටහන් පෙළය. ත්‍රස්තවාදියකු ග්‍රහණයට හසු කර ගැනීම සඳහා පසුගිය දා විකාශය වූ කතාංගයේ, ඇමෙරිකාවේ බෝම්බ පිපිරීමක් සිදුකර එහි චෝදනාව පකිස්තානය පිට පැටවීමට ප්‍රියංකා චොප්රාගේ ඇලෙක් පෙරිෂ් චරිතය බොරු සැලැස්මක් ඉදිරිපත් කරයි.

ප්‍රියංකා බොරුවට හෝ පාකිස්තානය සම්බන්යෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන ඇයට පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල විය. පාකිස්තාන වැසියන් ත්‍රස්තවාදීන් යැයි. වැඩසටහන හරහා වැරැදි ප්‍රතිරූපයක් ලොවට පෙන්නුවේ යැයි, වැඩසටහන නිෂ්පාදනය කරන ඒ.බී.සි. නාළිකාවට ද දොස් අහන්න සිදුවිය.

මේ ප්‍රශ්ණය නිසාම ප්‍රියංකා පමණක් නොව, ඒ.බී.සී. නාළිකාව ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රෙක්ෂකයන්ගෙන් මෙන්ම පාකිස්තානයෙන් ද සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.
« PREV
NEXT »

Facebook Comments APPID