BREAKING NEWS
latest

728x90

468x60

ලොව ධනවත්ම ක්‍රීඩකයන් අතරට කෝලිගේ නමත්

ලොව ධනවත්ම ක‍්‍රීඩකයින් සිය දෙනා අතරට ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිද එක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .

2017 - 2018 කාලයේදී ඔහුගේ ශුද්ධ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 24ක්.
වෙළඳ සමාගම්වල සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කර ඉන් ඩොලර් මිලියන 20ක් උපයාගෙන තිබෙනවා.

මෙම කරුණු අනාවරණ කෙරුණේ ෆෝබ්ස් සඟරාවේ වාර්ෂික වාර්තාවට අනුවයි. ඊට අනුව ලොව ධනවත්ම ක‍්‍රීඩකයා වන්නේ බොක්සිං ක‍්‍රීඩක ෆ්ලොයිඞ් මේවෙදර්. ඔහුගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 285ක්. පාපන්දු ක‍්‍රීඩකයින් වන ලයනල් මෙසී, ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා.
« PREV
NEXT »

Facebook Comments APPID