BREAKING NEWS
latest

728x90

468x60

මීනගයා දුම්රිය මැදිරිය තිඹිරිගෙයක් කරගත් මඩකලපුවේ මව

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා" නගරාන්තර රාත්‍රි දුම්රියේ ගමන් ගනිමින් සිටි ගැබිනි මවක විසින් ඊයේ (07 වැනිදා) අලුයම 1.05 ට පමණ හබරණ දුම්රිය ස්‌ථානයට නුදුරුවදී දුම්රිය මැදිරිය තුළදීම සිය දරුවා බිහිකර ඇත.

නගරාන්තර රාත්‍රි දුම්රියේ ගමන් ගනිමින් සිsටින ගැබිනි මවක දරුවා බිහි කිරීමට ආසන්නව සිටින බවට දුම්රිය නිලධාරීන් විසින් පෙරේදා (7 වැනිදා) රාත්‍රි 12.30 ට පමණ හබරණ පොලිසියට දුරකථන මගින් දැනුම් දී තිබේ. 

පසුව පොලිසිය වහාම හබරණ රෝහලට මේ බව දන්වා ඇත. ඉන්පසු රෝහලේ සේවය කරන පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලයක්‌ හබරණ දුම්රිය ස්‌ථානය කරා ගොස්‌ ඇත්තේ ඒ වනවිට දුම්රිය හබරණ දුම්රිය ස්‌ථානයට ළඟා වෙමින් තිබෙන බවට තොරතුරු ලබා ගෙනය. එම ගැබිනි මව ඒ වනවිටත් දුම්රිය මැදිරිය තුළම දරුවා බිහි කරමින් සිට ඇති අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනි ගීතානි ධම්මිකා මහත්මිය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලය විසින් අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදී ඉන් අනතුරුව මවත් දරුවාත් හබරණ රෝහලට ඇතුළත් කර ඇත.

මේ වනවිට එම මවත්a දරුවාත් දෙදෙනා ම නිරෝගී සුවයෙන් පසුවන බව හබරණ රෝහලේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරියෙක්‌ කීය. 

මෙසේ දුම්රිය මැදිරියක්‌ තුළදීම දරුවා බිහි කළ මව මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව හබරණ පොලිසියේ ස්‌ථානාධිපති, පොලිස්‌ පරීක්‍ෂක පී. යූ. ඩබ්ලිව්. ඒ පිටිගල මහතා කීය.

හබරණ පොලිසියේ තම නිලධාරීන් සහ හබරණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලය නොපමාව ක්‍රියාත්මක වීම නිසා ඒ මවත් දරුවාත් දෙදෙනාගේ ජීවිත උපද්‍රවයකින් තොරව බේරා ගැනීමට හැකිවූ බවද ඒ මහතා පැවසීය.

« PREV
NEXT »

Facebook Comments APPID