BREAKING NEWS
latest

728x90

468x60

සම්බාහන ආයතනයක මුවාවෙන් ළාබාල තරුණයන්ට සැප දෙන්න ගිය කතුන්ට වෙච්ච දේ

කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන ගිය නීති විරෝධී ලිංගික සේවා ස්ථාන දෙකක් වැටලීමට පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරිහු පසුගියදා (19) සමත්වූහ.

පාසල් සිසුන් ඇතුළු ළාබාල තරුණයන් පවා මෙම ස්ථාන වලට පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත මෙම ස්ථාන දෙක වැටලීමෙන් පසු ඒවායේ සේවය කළ කළමනාකරුවන් දෙදෙනා සහ කාන්තාවන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.

ආයුර්වේද සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගියද මේ සඳහා ආර්යුවේද වෛද්‍ය සභාව මගින් නිකුත් කරන ලද බලපත්‍ර ඇතුලු වෙනත් නෛතික සුදුසුකම් සපුරා නොතිබූ අතර මේවායේ සේවය කරමින් සිටි කාන්තාවන් පිට පළාත්වල පදිංචිකාරියන් බවද කියනු ලැබේ.

පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා සහ උප පොලිස් පරීක්ෂක සමීර මංජුල කුලසිංහ ඇතුළු නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

ජා ඇළ ප්‍රදේශයේ සම්බාහන ආයතන පිළිබඳව මෙතෙක් හෙළි නොවු වැදගත් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න.

ප්‍රසංග පෙරේරා – ජා ඇළ
« PREV
NEXT »

Facebook Comments APPID