BREAKING NEWS
latest

728x90

468x60

පොලිසියට බෝම්බ ගැසීමට ගිය මාතර කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

මාතර ස්වර්ණාභරණ කොල්ලයට අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (22) අත්අඩංගුවට ගත් මොහු අද උදෑසන සඟවා තිබු ආයුද පෙන්වීම සඳහා පොලිසිය විසින් රැගෙන යද්දි මාතර කිරලකැලේ ප්‍රදේශයේදි පොලිසියට අත්බෝම්බයක් ගැසිමට තැත් කළ මොහොතේ පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මොහු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු කොස්ගොඩ තාරක නම් පාතාල නායකයාගේ ගෝලයෙකි.

කොල්ලය සම්බන්ධයෙන් කොසගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID