BREAKING NEWS
latest

728x90

468x60

කාරිය කරනට වටකොට බැරුවා ඇඳලා වට පිට හරි හැටි කෙරුවා

අදට අවුරුදු 30කට පමණ පෙර නිකවැරටිය ප්‍රදේශයේ පිටිසර ගමක රාජ්‍ය නොවන සංවිධානයකින් වැසිකිළි සෑදවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. මේ යටතේ සෑම නිවෙසකටම වැසිකිළියක් සාදා ගැනීමට මුදල් ආධාරයක් හා බඩු බාහිරාදිය ලබා දී ඇත. ඒ අනුව ගමේ සෑම ගෙදරකම වැසිකිළියක් සාදාගනු ලැබිණි.

වැසිකිළි ව්‍යාපෘතියේ සංවිධායක මණ්ඩලය විසින් ගමේ සියලු දෙනාම එක තැනකට කැඳවනු ලැබ වැසිකිළි විවෘත කිරීමේ උත්සවයක් පවත්වා තිබේ. එහිදී සනීපාරක්ෂක පියවරක් වශයෙන් සියලු දෙනාම කැලෑවලට නොගොස් ශරීර කෘත්‍යය සඳහා ගෙදර සාදාගෙන තිබෙන වැසිකිළියට අනිවාර්යයෙන් යායුතු බවට සංවිධායක මණ්ඩලය දැනුම් දී ඇත.

මෙය අවුරුදු ගණනාවක් කැලෑවලට යෑමට පුරුදුව සිටි ගැමියන් බොහෝ දෙනකුට නුහුරු නුපුරුදු දෙයක් බව නිශ්ශබ්දතාවෙන් පෙනිණි. එහිදී නැඟී සිටි ගමේ කටහැකර පුද්ගලයකු මෙසේ පවසා ඇත. 'එහෙනම් මම කියන්නම් හොඳ වැඩක් වැසිකිළි ඇතුළේ බිත්තිවල කැලෑවක් වාගේ පේන්නට ගස් කොළන් ඇඳලා දාමු. එතකොට කැලෑවේ ඉඳලාම කරනවා වාගේ දැනෙනවා.'
මේ කතාව අසා සිටි සියලු දෙනාටම සිනාව නවතා ගැනීමට නොහැකිවිය.

ඒ.එම්. නවරත්නබණ්ඩාශ්‍රී
« PREV
NEXT »

Facebook Comments APPID