BREAKING NEWS
latest

728x90

468x60

සල්මාන් ඛාන්ට වසර 5ක් සිරගෙයි ලගින්න සිදුවූ හේතුව මෙන්න | Salman Khan

බොලිවුඩයේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක් නියම කිරීමට ඉන්දියාවේ ජෝද්පූර් අධිකරණය ඊයේ තීන්දු කළේය. ඊට අමතරව ඉන්දීය රුපියල් 10,000ක දඩ මුදලක්ද ඔහුට මෙහිදී නියම කෙරිණ. එ් 1998 වසරේදී රූගත කරන ලද හින්දි සිනමාපටයක් වන ‘හම් සාත් සාත් හෙයින්’ චිත‍්‍රපටයේ දර්ශනයක් සඳහා දුර්ලභ ගණයේ මුවන් දෙදෙනකු දඩයම් කිරීමේ චෝදනාවට වරදකරු බවට තීන්දු වීමත් සමඟයි. වන සංරක්ෂණ පනත යටතේ දුර්ලභ ගණයේ සංරක්ෂිත මුවන් විශේෂයක මුවන් දෙදෙනකු මෙහිදී දඩයම් කළ බවට සල්මන් ඛාන් සමඟ බොලිවුඞ් නළු නිළියන් ඇතුළු 28 දෙනකුට එරෙහිව නඩුව විභාග වුණි. කෙසේවෙතත් මෙහිදී සල්මන් ඛාන් සමඟ රඟපෑ සහය නළු නිළියන් වන සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්ද්‍රේ සහ නලීම් චෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කෙරුණි. චෝදනාවලින් නිෙදාස් වූ අය අතර චිත‍්‍රපටයේ වෙඩි ශබ්දය ඇසී දිව යන ආකාරය රඟපෑ ප‍්‍රදේශවාසීන් ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.


දශක දෙකක පමණ කාලයක් තිස්සේ මෙම නඩුව විභාග වූ අතර සල්මන් ඛාන්ගේ නීතිඥයන් හැකිතාක් කරුණු දැක්වූයේ මුවන් දෙදෙනා සඳහා වෙඩි තැබීම රංගනයක් පමණක් බව තහවුරු කිරීමටයි. සල්මන් ඛාන් විසින් රූගත කිරීමට භාවිත කර තිබුණේ වායු රයිෆලයක් බවත් එ් හේතුවෙන් මුවන් මියනොගිය බවත් සල්මන් ඛාන්ගේ නීතිඥයන් පවසා තිබුණි. මෙම මුවන් ඝාතනය වී තිබුණේ සුනඛ සපාකෑමෙනි. චිත‍්‍රපටය සඳහා සුනඛයන් ලවා අධික ලෙස සපාකෑමට සැලැස්වීම නිසා මුවන් ඝාතනය වූ බවට නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි. එහෙත් අධිකරණය පවසා ඇත්තේ ඉන්දියාව තුළ සංරක්ෂිත මුව විශේෂයක් බැවින් එවැනි මුවන් දෙදෙනකු චිත‍්‍රපට දර්ශනයක් සඳහා හෝ ඝාතනය කිරීම වරදක් බවයි.

මෙම වරද සඳහා වසරක සිට වසර 6ක් දක්වා සිර දඬුවම් නියම කළහැකිව තිබුණු අතර දඬුවම් කාලය හැකිතාක් අවම කරන ලෙස සල්මන් ඛාන්ගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි. යම් හෙයකින් නඩු තීන්දුව වසර 3කට වඩා අඩුවූයේ නම් සල්මාන් ඛාන් හට මේ සඳහා ඇප ඉල්ලීමක් කළ හැකි බව එරට වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් 52 හැවිරිදි සල්මන් ඛාන් කෙසේ හෝ ඇප ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව ද සඳහන් වේ. මෙම චිත‍්‍රපටයේ රූගත කිරීම්වලදී සතුන් ඝාතනය කිරීමේ චෝදනා මත මෙලෙස නඩු පැවරූ සිව්වැනි නඩුව මෙයයි.
« PREV
NEXT »

Facebook Comments APPID