BREAKING NEWS
latest

728x90

468x60

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ සැකකරු දැලේ : පෙම්වතියගෙන් රු. 11,29400 ක්‌ ලබාගෙන

තරුණියක සමඟ අඹුසැමියන් ලෙස හැසිරී එම ලිංගික දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර ඇති තරුණයකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 2016-04-20 දින සිට වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යමින් ඇය සමඟ අඹුසැමියන් ලෙස එක්‌වී ඇත.

එම අවස්‌ථාවල ලිංගික දර්ශන සැකකරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබේ.

මෙම ප්‍රේම සම්බන්ධයට තරුණියගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා තරුණිය සිය පෙම්වතා වූ සැකකරුට මේ බව කියා සම්බන්ධය අවසන් කර ඇත.

එහෙත් සැකකරු ඇයත් සමඟ අඹුසැමියන් සේ සිටි දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව ද දෙමාපියන්ට හා ඇයගේ හිතවතුන්ට ද බලා ගැනීමට සලස්‌වන බව ද කියමින් වරින්වර ඇයගෙන් මුදල් ඉල්ලන්නට පටන් ගෙන තිබේ.

ඔහුගේ බිය ගැන්වීම මත ඇයගේ ආත්තම්මාට පමණක්‌ මේ බව කියා ඇගේ ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගෙන දී ඇත. ණයට ද මුදල් ගෙන ඔහුට දී ඇත. එහෙත් ඔහු ඉන් සෑහීමකට පත් නොවී ඇය බිය ගන්වමින් වරින්වර කරන කරදරයෙන් බේරීමට ආත්තම්මාගේ ඒ.ටී.එම්. කාඩ්පත හා රහස්‌ අංකය ද ලබාදී තිබේ. ඒ වනවිට ඔහු ඇයගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් 11,29400.00 කි. 

ඒ බව නොසලකා සැකකරු ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බව දැන ගත් ඇය සිය මවුපියන්ට සියලු විස්‌තර පවසා 2018.04.05 දින මවුපියන් ද සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ.

වෙන්නප්පුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID