BREAKING NEWS
latest

728x90

468x60

මගීන් 143ක් සහිත ගුවන් යානයක එන්ජිම උඩූගුවනේදී පුපුරා යයි

මෙම අනතුරට මුහුණදී ඇත්තේ 43 හැවිරිදි ජෝර්දාන් නමැති දෙදරු මවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එම ගුවන්යානය ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිට ටෙක්සාස් බලා ගමන් කරමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 143 ක් සහ කාර්යමණ්ඩලයේ 6 ක් ගුවන් යානයේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී අදාළ කාන්තාව අසුන්ගෙන සිටි ස්ථානයේ ගුවන් යානයේ වීදුරුව බිඳී යාමෙනුයි ඇය මෙලෙස අනතුරට ලක්වන්නේ. එහිදී ඇය ගුවන් යානයේ පුපුරාගිය එන්ජිම තුලට ඇදගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.


කෙසේ වෙතත් එන්ජිම පුපුරා යාමත් සමඟ සෙසු මගීන්ගේ දිවි බේරාගැනීමට ගුවන් නියමුවන් සමත්ව තිබෙනවා. මහත් පරිශ්‍රමයක් දරා යානය ෆිලඩෙල්ෆියා ගුවන් තොටුපලට ගොඩබැස්සවීම මගින් සිදුවන්නට ගිය මහා අනතුරක් වලක්වා ගැනීමට නියමුවන් සමත්වීම ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

ගුවන් යානයේ ගමන්කළ මගීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානයේ එන්ජිම පුපුරා යාමත් සමඟ යානය අඩි 100ක් පමණ පහලට එක්වරම ඇදවැටුණු බවයි.






« PREV
NEXT »

Facebook Comments APPID