BREAKING NEWS
latest

728x90

468x60

චන්දන සූරියබණ්ඩාර සිරසෙන් ඉවත් කරයි - ස්ටේන් ස්ටුඩියෝ වෙත අනුයුක්ත කරයි

සිරස ටීවී හා එම්ටීවී නාලිකා ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කර චන්දන සුරියබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර මහරාජා සමූහ ව්‍යාපාරයේ ‘ස්ටේන් ස්ටුඩියෝ’ වෙත අනුයුක්ත කර ඇත.

රූපවාහිනී නාලිකාවන්හි නව නාලිකා ප‍්‍රධානී හා පූර්ණ මාධ්‍ය ජාලයේම ප‍්‍රධානියා ලෙස පත් කර ඇත්තේ සුසාර දිනාල් මහතාය.

ඉන්දියානුවකු නොවන්නෙකු එම තනතුරට පත් වූ මුල්ම අවස්ථාවද මෙයයි.

චන්දන සුරියබණ්ඩාර මහතා නාලිකා ප‍්‍රධානී වන්නට පළමු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටි සිරස නාලිකාව විශාල ආදායමක්ද උපයමින් සිටි අතර සුරිය බණ්ඩාර මහතාගේ පාලන කාලය තුල ශ්‍රේණිගත කිරීම්වල පහලටම වැටී ආදායම්ද විශාල ලෙස අඩු වී තිබූ බව ආයතනයේ අභ්‍යන්තර ආරංචි කියයි.

සුරියබණ්ඩාර මහතා සමග රාජකාරි කල නොහැකි වීම නිසා කලකිරීමෙන් නාලිකාවේ සිටි දක්ෂ මාධ්‍ය වේදීන් රැසක් එම කාලයේදී ආයතය හැර ගොස් තිබේ. කිංස්ලි රත්නායක, තනුජා ජයවර්ධන, නාරද බක්මීවැව, සම්පත් ශ්‍රී ජයසිංහ, සමීර ද සිල්වා ඇතුළු පිරිස ඉන් සමහරකි.

සුසාර දිනාල් මහතා මාද්‍ය විෂය සම්බන්ධයෙන් දක්‍ෂයෙකු ලෙස සැලකෙන අතර සිරස නාලිකාව ඔහු යටතේ ඉදිරියට යනු ඇති බව ආයතනයේ සෙසු නිලධාරී පිරිසේ අදහසයි.
« PREV
NEXT »

Facebook Comments APPID