BREAKING NEWS
latest

728x90

468x60

අල්ලස්‌ දෙන්න පැමිණි දේශපාලකයා කූඩුවේ දැමූ හම්බෙගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිට මාරුවක්‌

රුපියල් විසිපන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාදීමට පැමිණි දේශපාලනඥයකු අත්අඩංගුවට ගෙන පොලිස්‌ දෙපාර්තමේන්තුවට කීර්තියක්‌ ගෙන ආ හම්බෙගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතා ඇල්පිටිය මූලස්‌ථාන පොලිසිය වෙත මාරු කර යවා ඇත.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‌ෂා කරගෙන තම රාජකාරිය අකුරට ඉෂ්ට කළ මෙම නිලධාරියා මාරු කර යෑවීම පිළිබඳව හම්බෙගමුව ජනතාව විමතිය පළ කර සිටිති. 

පවුල් ආරවුලක්‌ සම්බන්ධයෙන් තමන්ට වාසි දායක ලෙස කටයුතු කර ගැනීම සඳහා හම්බෙගමුව ප්‍රදේශයේ දේශපාලනඥයකු පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතාට රුපියල් විසිපන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාදීමට උත්සාහ ගත්තේa ඉකුත් මස 07 වැනිදාය.

මෙම දේශපාලනඥයා අල්ලස්‌ කොමිසම වෙත පැමිණිලි කර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කොටු කර දීමට සැලසුම් කර තිබිණි.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා අල්ලස්‌ ඉල්ලා සිටින බවට අසත්‍ය ප්‍රකාශයක්‌ කර අල්ලස්‌ කොමිසම නොමඟ යවා එම නිලධාරියා අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ පරීක්‌ෂක ප්‍රේමලාල් සිල්වා මහතා කටයුතු කළේය. 

පොලිසියට කීර්තියක්‌ ගෙන ආ ප්‍රේමලාල් සිල්වා මහතා මේ ආකාරයට මාරු කර යෑවීම පිළිබඳව පොලිස්‌පතිවරයාගේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු කියා සිටිති.

හේමන්ත රන්දුණු
« PREV
NEXT »

Facebook Comments APPID