BREAKING NEWS
latest

728x90

468x60

ස්ටීවන් හෝකින් ජීවිතයෙන් සමුගනී - Stephen Hawking

ලොව මෙතෙක් පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥකු වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙක ස්ටීවන් හෝකින් එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය.මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියෙහි පසුවිය.

විසිවන සිවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ඇල්බට් අයින්ස්ටයින් නම් කොට තිබූ අතර හෝකින් විසි එක්වෙනි සියවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ලෝක ඉතිහාසයට එක්වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.‍‍

කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි. ස්ටීවන් හෝකින් මහතා වසර ගනනාවක් තිස්සේ අංශභාග රෝගයට ගොදුරැව රෝගීව රෝදපුටුවකට වී සිටින අතර මේ කිසිවකට ඔහුගේ පර්යේෂණ හා අදහස් නතර කිරීමට නොහැකි වී ඇත. ඔහුට හරිහැටි කතාබහ කිරීමට නොහැකිවු අතර ඒ නිසාම ඔහුගේ වටිනා අදහස් දැනගැනීම සඳහාම ඉන්ටෙල් සමාගම මඟින් තැනු විශේෂ පරිගණකයක් ඔහුගේ රෝද පුටුවට සවි කර තිබුණි.
« PREV
NEXT »

Facebook Comments APPID