ගෑණු ළමයෙක්ට,කාන්තාවකට කොණ්ඩයක් කියන්නේ ඇත්තටම වටිනා ආභරණයක්.ඔයා හුළඟේ පාවෙනකොට,නටනකොට,දඟලනකොට ඔයාගේ දිග කොණ්ඩයත් හරියට බැබළෙන්නේ කොඩියක් ආඩම්බරයෙන් ලෙළදෙනවා වගේ.අන්න ඒ නිසයි කාන්තාවකට කොණ්ඩය ඒ තරම්ම වැදගත්.ඒ වුණත් ටිකක් දිග,මහත කොණ්ඩයක් කියන්නේ නම් ලේසි දෙයක් නෙවෙයි.ප්රදශ්න වැලක්.හොඳන්න ගියත්,වේලන්න ගියත්,පීරන්න ගියත්,මොනදේ කරන්න ගියත් ටිකක් අමාරුවෙන් තමයි කරන්න වෙන්නේ.ඒ විතරක් නෙවෙයි ගහකට පොහොර දානවා වගේ ඔයාගේ දිග කොණ්ඩය බලාගන්නත් ඔයාට සෑහෙන්න පොහොර ජාති කොණ්ඩය වෙනුවෙන්දාන්න වෙනවා.(ඇත්ත පොහොර නෙවෙයි) ඒ නිසාදිග කොණ්ඩයක් තියෙන කෙනෙක් විශේෂිතයි.
ඇත්තෙන්ම දිග කොණ්ඩයක් නෑමෙන් පස්සේ වේලාගන්නවා කියන්නේ මාරම ෆයිට් එකක් දෙන්න වෙන වැඩක්.හරියට නිකන් ජිම්නාස්ටික් කරනවා වගේ.නැවෙනවා,දිගෑරෙනවා,කැරකෙනවා…ඔන්න ඔය වගේ නැටුම් ගොඩක් නටල තමයි දිග කොණ්ඩයක් වේලාගන්න වෙන්නේ.ඊට පස්සේ ඉතින් කටු ටිකක් ගහල යන්තං කොණ්ඩය සෙට්ල් කරගන්නවා.අතුරුදන්වෙච්ච වැඩිපුර කොණ්ඩ කටු ටික ඉතින් පස්සේ වෙලාවක ආපහු කොණ්ඩේ ගැලව්වම හොයාගන්නත් පුළුවන්.
දිග කොණ්ඩයක් හරිම ඉක්මනට අවුල්වෙනවා,ගැටගැහෙනවා,ඒ විතරක් නෙවෙයි ලිප්ස්ටික්,ලිප්ග්ලොස් එක්කත් ඉක්මනට ඇලවෙනවා.එතැනින් ගියාම ඉතින් නිධානයක් මතුවෙනවා වගේ කෑම පිඟාන අස්සෙන් මතුවෙන්නත් මේ කොණ්ඩෙට පුළුවන්.ඇයි සිප් එකට අහුවෙන එක?ඒ අනික් වදේ..ඉතින් මෙන්න මේ වගේ ප්රවශ්න ගොඩකට මුණ දෙන්නත් මේ දිග කොන්ඩෙත් එක්ක ඔයාට සිද්ධ වෙනවා.ඒ කොහොම වුණත් දිග කොණ්ඩයක් හරිම ලස්සනයි.අමුතුම පෙනුමක් අයිතිකාරයාට ලබලා දෙන්න මේ දිග කොණ්ඩේ හුඟක් මහන්සිවෙනවා.
දිග කොණ්ඩයක් ඇත්තටම කිසිම වෙනසක් නැතුව ඕනිම හැඩයක මුහුණකට ගැළපෙනවා.රැවුම් මුහුණකට ටිකක් දිග පෙනුමක් දෙනවා,කෙට්ටු මුහුණක් ටිකක් හැඩකරලා පෙන්නනවා,හතරැස් සත පහේ මුහුණේ කොන් ටික හරිම ලස්සනට හංගනවා,හාර්ට් ශේප් මුහුණකට නියම පෙනුමක් එකතු කරනවා..කෙටියෙන්ම කියනවා නම්,ඕනිම මුහුණක තියෙන අවලස්සන ගතිය නැති කරලා ලස්සන හැඩයක් දෙන්න දිග කොණ්ඩය මේකප් එකක් වගේම ආභරණයක් විදියට ක්රි්යාකරනවා.ඒ කියන්නේ ඔයාගේ දිග කොණ්ඩය ඔයාව ලස්සනට තියන්න කැමතියි.ඔයා මොන විදියේ මෝස්තරයකින් ඔයාගේ දිග කොණ්ඩය බැඳලා තියාගත්තත්,පොනිටේල්එකක්,ෆ්රෙවන්ච් ක්නොට් එකක් වෙන ඕනිම මෝස්තරයක්…ඔයාගේ ලස්සන දිග කොණ්ඩය ඔයාව ඔයා විදියටම තියනවා..