BREAKING NEWS
latest

728x90

468x60

මත් පෙතිලු වඳ පෙති කියා අම්පාරේ කලබලයකින් හෝටලයක් සුනේ සුන් - වැඩේ දුරසිග යයි - ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා - ඇමති දයා ගමගේ කියයි

ඊයේ 26 රාත්‍රී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ මුස්ලිම් ජාතික පිරිසක් පවත්වා යන ‘නිව් කසීම් හොටෙල්‘ නමැති හෝටලයකින් ලබාගත් ආහාරයක පෙතිවර්ගයක් ඇතැයි කියමින් සිංහල ජාතික පිිරිසක් කලබලයක් සිදු කර තිබේ. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ජාතීන් වඳ කිරීමේ අටියෙන් වඳ පෙති ආහාරයට එක්කර ඔවුන්ට පිළිගැන්වූ බවකි. කෙසේ වෙතත් මෙම දම් පැහැති පෙති වර්ගය එසේ නොවන බවත් ‘පාටි පෙති‘


යනුවෙන් තරුණයින් අතර ප්‍රකට මත්වන පෙති වර්ගයක් බවත් ඇතැම් අය අදහස් දක්වා තිබේ.
මෙම කලබලයෙන් පසුවඊයේ (26) රාත්‍රී එම හෝටලයට කඩා වැඳුණු දෙසීයකට අධික පිරිසක් එහි සිටියවුන්ට පහර දී බඩුබාහිරාදියට ගිනි තබා අසළ පිහිටි මුස්ලිම් ආගමික ස්ථානයට සහ ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකොට තිබේ.
ජාතීන් අතර ඇතිවූ නොසන්සුන් තත්වය පාලනය කිරීමට සිද්ධියට පොලිසිය මැදිහත්වූ අතර අද උදෑසන වනවිටත් එම තත්වය පාලනය වී නොතිබුණි. දහවල් එහි පැමිණි පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය තත්වය පාලනය කොට තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ,
‘ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇති කර තිබෙනවා.
රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ සාමය සංහිදියාව කඩා බිඳදැමීම මුල් කරගෙන ඇති වූ මෙම තත්ත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය වහා මැඩපැවැත්වීමට මේ වන විටත් මා විසින් පියවර ගෙන තිබෙනවා.
මේ මොහොතේ කුමන්ත්‍රණකාරී බලවේගවලට හසු නොවී, බුද්ධියෙන් කටයුතු කරන ලෙස ජාතිහිතෛෂී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘ යනුවෙනි.
මෙම සිද්ධිය අවස්ථාවේ වඳ පෙති දුන්නා නේද අසමින් හෝටල් සේවකයෙකු ප්‍රශ්න කරන වීඩියෝවක් හා මුස්ලිම් අයගෙන්ම වොයිස් කට් ගන්න එපා කියමින් සිංහල ජාතිකයින් කලබල කරන වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරයි.
« PREV
NEXT »

Facebook Comments APPID