BREAKING NEWS
latest

728x90

468x60

තීන්ත වැදුණු අකුරු ලියූ මුදල් නෝට්‌ටු බැංකුවේ ATM එකෙන් ඇවිල්ලා

මහ බැංකුව රජයේ නිර්දේශ පරිදි පසුගියදා විකෘති කරන ලද හා තීන්ත පාරවල් සහිත හෝ විවිධ වැකි ලියන ලද මුදල් නෝට්‌ටු ප්‍රතික්‍ෂේප කිරීමට පියවර ගනු ලැබුව ද රාජ්‍ය බැංකුවක ස්‌වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයෙන් (ඒ ටී. එම්. ටෙලරයෙන්) ඉකුත් 02 දා ගනුදෙනුකරුවකු මුදල් ලබා ගැනීමේදී තීන්ත පහර සහිත මුදල් නෝට්‌ටු ලැබීමේ සිද්ධියක්‌ කටුනේරිය ප්‍රදේශයෙන් වාර්තා විය.

මේ බව දැන්වීමට රාත්‍රියේ මුදල් ගන්නා ගනුදෙනුකරුවන්ට නොහැකිවීම තවත් ගැටලුවකි. පළුදු මුදල් මාරු කිරීමේ කාලසීමාව කල් දැමුව ද මෙසේ වගකීමෙන් තොරව ඒ. ටී. එම්. යන්ත්‍රයට මුදල් ඇතුළත් කිරීම ජනතාවට ගැටලුවක්‌ බව ඔවුහු පෙන්වා දෙති. මන්ද බොහෝ වත්මන් ගනුදෙනුවලදී එවැනි මුදල් නෝට්‌ටු භාර නොගැනීමට පෙළඹී ඇති බැවිනි.

« PREV
NEXT »

Facebook Comments APPID