කිරි පැකට් දෙකකට කිසියම් වස වර්ගයක් සුක්ෂම ලෙස ඇතුළු කර එම කිරි පැකට් පානය කිරීමට සලස්වා බිරිඳ සහ තුන් හැවිරිදි දරුවා ඝාතනය කිරීඹට උත්සාහ කළ බව කියන සැමියක් නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබිය.
විස සහිත කිරි පැකට් පානය කිරිමෙන් රෝගාතුරවූ බව කියන මව සහ ඇයගේ සිඟිති දියණිය වතුපිටිවල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.
පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළි කරගෙන තිබෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. අගුණකොළපැලැස්සේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක සැමියා සමග ඇති කරගත් පවුල් ආරවුලක් මත අවුරුදු 03ක් පමණ වයසැති දරුවා ද ගෙන නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි පදිංචිව සිටින අතරවාරයේ ජීවත් වීම සදහා රෙදිපිළි විකිණීම කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.








