BREAKING NEWS
latest

728x90

468x60

සාමාන්‍ය පෙළ විභාගය දිනන්න මේ නැකතින් පිටත්වන්න

2017 දෙසැම්බර් මස 12 වැනි අඟහරුවාදා දිනෙන් ආරම්භ වී 2017 දෙසැම්බර් 21 දිනෙන් අවසන් වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරු දැරියන්ගේ යහපත සඳහා නිවසින් පිටත් වීමට අවශ්‍ය ශුභ නැකත් පහත දක්වා ඇත. රාහු කාලය හසුනොවීමට උනන්දු වන්න.

මෙදින නිවසේ දී උදේ 6.00 – 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳපුදා ශ්‍රී විෂ්ණු දෙවිඳුට, ශ්‍රී කතරගම දෙවිඳුට, ශ්‍රී ගණ දෙවිඳුට, සරස්වතී දේව මාතාවට, මහා බ්‍රහ්ම දෙවිඳු ඇතුළු සියලුම දෙවිවරුන්ට පින් දී සෙත් පතා මවුපිය වැඩිහිටියන් නැමැද ගමන් අරඹන්න. එසේම පහත සඳහන්,

බුද්ධො තිලොක සරණො, බුද්ධො සුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, බුද්ධො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මය්හං භයං සදා

ධම්මෝ තිලොක සරණො, ධම්මොසුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, ධම්මො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං, නත්ථි මය්හං භයං සදා

සංඝො තිලොක සරණො, සංඝො සුරියො තමො නුදො
එවං තං සරණං ඛෙමං සංඝො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං, නත්ථි මය්හං භයං සදා

ජයො මුනින්දස්ස සුබොධි මූලෙ - අහොසි මාරස්ස පරාජයෝහි 
උග්ඝොසයුං දෙව ගණා පසන්නා - එතෙන සච්චේන ජයස්සු මය්හං

යන ගාථාව කියා

නමෝ ශ්‍රී බුද්ධි ජය ජය ඒස්වාහඃ යන පාඨය තෙවරක් කියා මට ජයක්ම වේවායි! අධිෂ්ඨානයෙන් ගමන් අරඹන්න.

විභාග ශාලාවේ දී පිළිතුරු ලිවීම ඇරඹීමට පෙර

නමෝ ශ්‍රී බුද්ධි ජය ජය ඒස්වාහඃ යන පාඨය තෙවරක් කියා පිළිතුරු ලිවීම ආරම්භය ශුභයි.

ජ්‍යොතිෂ උපදේශක, ජ්‍යොතිර්වේදී 
පී.එම්. මුදලිගේ


« PREV
NEXT »

Facebook Comments APPID