BREAKING NEWS
latest

728x90

468x60

වර්ණභේදවාදයට අභියෝග කළ රාජකීය විවාහය

අප ගෙවමින් සිටින්නේ 21 වන සියවස වුවද බොහෝ සමාජයන්හි තවමත් වර්ණ භේදවාදය දක්‌නට ලැබේ. මෙය වඩාත් පවතින්නේ සුදු - කළු භේදය වශයෙනි. ලොව ඉහළම තලයේ වැජඹෙන ඇමරිකාවේ පවා එය පැහැදිලිව දැකගත හැකිය. එහි කළු ජාතිකයන් ගණනාවක්‌ම පසුගිය කාලයේ සුදු ජාතික පොලිස්‌ නිලධාරීන්ගේ වෙඩි පහරවලින් ජීවිතක්‌ෂයට පත් වූ බව මාධ්‍යය වාර්තා කළේය. කළු සමක්‌ ඇති මිනිසුන් මුහුණ දෙන සමාජ පීඩනය එබඳුය.

මේ තත්ත්වය යටතේ කළු ජාතිකයන් උද්දාමයට පත් කරන පුවතක්‌ පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ අන් කිසිවක්‌ නොව බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ විවාහයයි. ඔහුගේ විවාහය හා කළු ජාතිකයන් අතර ඇතී සම්බන්ධය කුමක්‌ද?



බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන්වරයකු වන වේල්සයේ හෙන්රි කුමරු නොහොත් කවුරුත් දන්නා පරිදි හැරී කුමරු වනාහි එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරුගේත් දිවංගත ඩයනා කුමරියගේත් කණිෂ්ඨ පුත්‍රයාය. රජ කිරුළට උරුමකම අතින් ඔහු පසු වන්නේ පස්‌වන ස්‌ථානයේය. ජනමාධ්‍යවල නිරන්තර අවධානයට ලක්‌ වන පවුල් වේ නම් බ්‍රිතාන්‍ය රජ පවුල එහි අංක එකේ පසුවන්නේය. ඉනුත් මේ දිනවල වැඩිපුර කතාබහට ලක්‌වන පුද්ගලයා හැරී කුමරු බව රහසක්‌ නොවේ. ඊට වඩාත් බලපා ඇත්තේ ඔහුගේ ආන්දොaලනාත්මක විවාහ ගිවිස ගැනීමය. එය ඔහුගේ පමණක්‌ නොව බ්‍රිතාන්‍ය රජ පවුලක්‌ විසින් ගත් විප්ලවකාරීම තීරණයක්‌ බවට සැක නැත.

පසුගියදා ඔහු සිය අනාගත මනාලිය සමඟ විවාහ ගිවිස ගැනීම සිදු කරනු ලැබීය. ඒ සිය මව වූ ඩයනා කුමරිය සිහිවීම පිණිස ඉදි කර ඇති සන්කෙන් උද්‍යානයේදීය. 33 හැවිරිදි හැරීගේ මනාලිය වූයේ සුරූපි ඇමරිකානු නිළියක හා මෝස්‌තර නිරූපිකාවක වන මෙගන් මාකල් (MEGHAN MARKLE) ය. චාල්ස්‌ කුමරුගේ අනාගත ලේලිය විදේශීය කාන්තාවක වීම හෝ නිළියක වීම එතරම් පුදුමයට කාරණයක්‌ නොවේ. එසේ නම් ඔවුන් විසින් ගත් තීරණය විප්ලවකාරී වන්නේ කෙසේද? එය වටහා ගත හැක්‌කේ මෙගන් මාකල්ගේ ජීවිත කතාව තේරුම් ගැනීමෙනි.

1981 අගෝස්‌තු 04 වනදා රුෂෙල් මෙගන් මාකල් (RACHEL MEGHAN MARKLE) උපන්නේ කැලිෆොaනියාවේ ලොස්‌ ඇන්ජලීස්‌හිදීය. ඇගේ පියා වන තෝමස්‌ උග මාකල් රූපවාහිනී ආලෝක අධ්‍යක්‌ෂවරයෙකි. අයර්ලන්ත - ලන්දේසි සම්භවයක්‌ සහිත ඔහු එමී සම්මානයටද පාත්‍ර වී තිබේ. මෙගන්ගේ මව දොaරියා රාද්කා අප්‍රිකානු - ඇමරිකානු සම්භවයක්‌ සහිත කාන්තාවකි. ඇය එරට සමාජ සේවිකාවක මෙන්ම යෝග උපදේශකවරියක්‌ද වේ. මේ කළු - සුදු පවුල මුහුණ දුන් වර්ණභේදවාදී අඩත්තේට්‌ටම් මෙගන්ගේ කුඩා කාලයේ පටන්ම ඇය අත් විඳ තිබිණි.

".... මට කුඩා කාලයේ මා සතුව බාබි ගර්ල් (බෝනික්‌කන්) පවුල් දෙකක්‌ තිබුණා. එකක්‌ කළු ජාතික පවුලක්‌. අනෙක සුදු ජාතික පවුලක්‌. මේ දෙකටම මා ප්‍රිය කළේ නැහැ...."

ELLE UK නම් සඟරාවට ලිපියක්‌ සපයමින් ඇය වරෙක පැවසුවාය.

"....දිනක්‌ මට මනාව ඇසුරුම් කළ තෑග්ගක්‌ ලැබුණා. එය විවෘත කළ මට දක්‌නට ලැබුණේ මගේ සිතේ ඇඳී තිබූ බාබි ගර්ල් පවුලයි. කළු ජාතික මවක්‌, සුදු ජාතික පියෙක්‌ හා කළු, සුදු දරුවන් දෙදෙනෙක්‌."

ඇගේ පියා හා මව විවාහයෙන් පසු පදිංචි වූයේ ලොස්‌ ඇන්ජලීස්‌ ප්‍රදේශයේය. මෙගන් උපත ලද්දේ සුදු පැහැ සමක්‌ සහිතවය. ඇයව කුඩා කරත්තතයක තබා ඇවිද්දවන කළු සමක්‌ සහිත දොaරියාව එහි වැසියන් දුටුවේ නැනීවරියක (කුඩා දරුවන් බලා ගන්නා නැනැත්තියක) ලෙසිනි.

"....මට නිතරම ඇසී තිබෙනවා මගේ අම්මාට ඔවුන් "නැනී" ආමන්ත්‍රණය යොදා කතා කරන ආකාරය. අප දිවි ගෙවූයේ වර්ණ භේදවාදයේ ගොදුරු වශයෙන්...."

"....සමහර අය මගෙන් විමසා තිබෙනවා ඇය මගේ ජීව විද්‍යාත්aමක මවමද කියලා...."

ඇය ELLE UK වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

මෝස්‌තර නිරූපිකාවකද වන මෙගන් ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ රූපවාහිනි නාට්‍ය මාලාවක්‌ වූ SUITS හි රඟපෑමෙනි. ඒ හැර FRING හා CSI;MIAMI වැනි රූපවාහිනි වැඩසටහන්වලද ඇය රඟපා තිබේ. HORRIBLE BOSSES, GET HIM TO GREEK,
REMEMBER ME වැනි චිත්‍රපට රාශියකටද රඟපෑමෙන් දායක වූවාය. මෙගන් මොකල් සමාජ සේවා කටයුතු සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක්‌ උසුලන්නියකි. WORLD VISION CANADA නම් ස්‌වේච්ඡා සංවිධානයේ ජගත් තානාපතිවරිය ඇයයි. එහි අනුග්‍රහයෙන් රුවන්ඩාවේ පැවති පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩසටහනකටද ඇය දායක වූවාය. මෙගන් මීට පෙර විවාහ වී සිටි කාන්තාවකි. ඇය විවාහ වී සිටියේ සමාගම් හිමිකරුවකු වූ ට්‍රෙවෝර් එංගල්සන් සමගය. විවාහයෙන් වසර දෙකකට පසු දෙදෙනා දික්‌කසාද වූහ. ඔවුන්ගේ මිතුරන්ගේ අදහස වූයේ කැනඩාවේ හිම හොකී ශූරයකු වන මයිකල් ඩෙල් සොටෝ (MICHAEL DEL ZOTTO) සමඟ වූ මෙගන්ගේ සමීප ආශ්‍රය ඊට බලපෑ බවයි. මේ වසරේ කැනඩාවේ ටොරොන්ටෝහි පැවති INVICTUS GAMES නම් ක්‍රීඩා තරගාවලියටද ඇය සහභාගි වී සිටියාය. එය හැරී කුමරුගේ අනුග්‍රහයෙන් පවත්වන්නකි. ඉන්පසුව බර්ක්‌ෂයර් ප්‍රදේශයේ ඔහු පෝලෝ ක්‍රීඩා කරනු නැරඹීමටද ඇය පැමිණ සිටියාය. මැයි මාසයේ පැවති පිපා මිඩ්ල්ටන් (කේට්‌ මිඩ්ල්ටන්ගේ සොයුරිය) හා ෙ-ම්ස්‌ මැතිව්ස්‌ගේ විවාහ මංගල්‍යයටද දෙදෙනා සහභාගි වී සිටිනු දක්‌නට ලැබුණි. මේ අවස්‌ථා කීපයේදීම ඇය හැරී කුමරුගේ පෙම්වතිය ලෙස නිසැක ලෙසම පෙනී සිටියාය. එහෙත් සිය පවුල්වල අවසරය ලබා ගන්නා තුරු ඔහු මාධ්‍යයට ස්‌ථිර අදහසක්‌ හෙළි කළේ නැත. කෙසේ හෝ අන්තිමේදී ඔවුහු ජයග්‍රහණය කළහ. විමතියට කරුණ වූයේ කළු - ඇමරිකානු යුවතියක සිය ඥතිවරියක ලෙස භාර ගන්නට රජ පවුල දැක්‌වූ නම්‍යශීලීභාවයයි. ඒ අනුව හැරී කුමරු හා මෙගන් මාකල් විවාහ ගිවිස ගත්තේය. මේ සිද්ධියත් සමඟ කළු ඇමරිකානු කාන්තාවන් අති විශාල ප්‍රමාණයක්‌ මෙගන්ගේ සමාජ ජාල වෙබ් අඩවියට ශුභාශිංසන එක්‌ කර තිබිණි. දිනක්‌ තුළ ඇගේ වෙබ් අඩවිය සුබ පැතුම් 9200 කට අධික සංඛ්‍යාවකින් පිරී ගියේය.

"....සමේ වර්ණය මත ගෞරවය හා ප්‍රශංසාව තීරණය වන රටක කාන්තාව ජගත් රඟ මඩලට නැඟ සිටින ආකාරය දැකීමට මගේ දැස්‌ වාසනාවන්ත වූවා. ඇය ඔප්පු කළේ අපටත් ප්‍රීති වීමට කාරණයක්‌ ඇති බවයි."

වෙබ් අඩවියේ වැඩිම ප්‍රතිචාර හිමිව තිබුණේ ටයිලර් යාං ගේ මෙම ටිවීටර් පණිවිඩයටය.

බ්‍රිතාන්‍ය ලේකා සමාරා ලින්ටන් (SAMARA LINTON) පවසන්නේ,

"........ හැරී කුමරුගේ අනාගත නැන්දනිය වර්ණ භේදවාදයේ දඬු අඬුවට හසු වූ කළු ජාතික කාන්තාවක්‌....." යනුවෙනි.

"....මෙතරම් සතුටක්‌ විස්‌තර කිරීමට මා සතුව වචන නැහැ. ඩයනා කුමරියගේ පුතෙකු කළු ජාතික කාන්තාවක්‌ විවාහ කර ගන්නවා දැකීමට මගේ මිත්තනිය හිටියා නම් කියා මට සිතෙනවා....."

කළු ඇමරිකානු ලේකා ඇෂ්ලි ගෝඩ්ගේ ට්‌වීටර් පණිවිඩයක සඳහන් වේ.

"....මෙගන් මාකල් යනු විවිධ ජනවර්ග ගණනාවක්‌ ඇසුරු කළ යුවතියක්‌. කළු සුදු වර්ණභේදය ගැන කුඩා කල පටන් ලැබූ කටුක අත්දැකීම් ඇය සතුයි. සාම්ප්‍රදායිකව සුදු පවුලක්‌ වෙත ඇය යන්නේ එම බරැති අතීතයත් රැගෙනයි...."

ප්‍රින්ස්‌ටන් සරසවියේ ඉතිහාසයේ පිළිබඳ මහාචාර්යවරියක වන නෙල් අර්වින් පේන්ටර් සඳහන් කරයි.

"....මෙය 21 වන සියවසේ හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ වේවි. ඉදිරි පරම්පරා කීපය තුළදී වත් එවැනි වෙනසක්‌ සිදු වන එකක්‌ නැහැ."

".... අපට ඉදිරියේදී බලාගත හැකියි ඔවුන්ට ලැබෙන දරුවන් මොන වගේ වේවිද කියා. එක්‌කෝ ඔවුන් සුදු වේවි. නැති නම් දුඹුරු පාට වේවි...." ඇය වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ හෝ වේවා වර්ණ භේදවාදයෙන් නිතර පීඩා ලබන කළු ඇමරිකානුවන්ට මෙය අමන්දානන්දයට හේතු වන කාරණයක්‌ බවට සැක නැත. එහෙත් ඔවුන්ට ප්‍රීති වීමට තවත් දවස්‌ තිබේ. ඒ එළඹෙන වසරේ මැයි මාසයේදී යෙදෙන හැරී කුමරුගේ විවාහ මංගල්‍ය උත්සවය සමගිනි. එය මෙතෙක්‌ පැවති රාජකීය මංගල්‍යවලට වඩා වෙනස්‌ එකක්‌ වේද? තීරණය කාලයට භාර දෙමු.

වසන්ත විඡේරත්න
« PREV
NEXT »

Facebook Comments APPID