BREAKING NEWS
latest

728x90

468x60

උරුබොක්ක - කොළඹ දුර ගමන දොඩම්ගහ ඇළෙන් නතරවුන හැටි - වීඩියෝ

රත්නපුර, පතුල්පාන ප්‍රදේශයෙදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.


උරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ දුර ගමන් සේවා බස් රථයක් රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ පතුල්පාන ප්‍රදේශයේදී දොඩම්ගහ ඇලට පෙරලීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අද අළුයම 3.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මියගොස් තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් 41 දෙනෙකු රත්නපුර රෝහලටත්, දෙදෙනෙකු කහවත්ත රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය.

එම රෝහලේ ප්‍රතිකාර ලබන පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු සහ ළමුන් 09 දෙනෙකුද වන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.




« PREV
NEXT »

Facebook Comments APPID