BREAKING NEWS
latest

728x90

468x60

නව නාවික හමුදාපති ධූරය රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්ථා වේ.

ඒ නාවික හමුදාපති ට්‍රිවස් සින්නයියා මහතා ගේ විශ්‍රාම යාමත් සමගිනි.ට්‍රිවස් සින්නයියා මහතා ගේ පත්වීම මෙන්ම විශ්‍රාම යෑමද රට තුල මහත් කතා බහට ලක් විය.

රියර් අද්මිරාල් රණසිංහ මහතා මීට පෙර මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහිද සේවය කොට ඇත.ඒ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්. සී. විජේගුණරත්න මහතා ගේ වකවානුවේදීය.

රියර් අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතා වෙරළ ආරක්ෂක බලකායේ ප්‍රධානියා කෙස කටයුතු කර ඇති අතර ඔහු යටතේ යටිතල පහසුකම් සහ පුහුණුව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

රියර් අද්මිරාල් එස් එස් රණසිංහ මහතා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර 1982 නොවැම්බර් මස 15 කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී ඇත.

බ්‍රිතාන්‍යයයේ රාජකීය නාවුක විද්‍යාලය,එංගලන්තයේ ඩාර්ට්මුත් (1984-1985) ජාත්යන්තර මෙහෙවර පාඨමාලාවද හඳාරා ඇති රියර් අද්මිරාල් සිරිමෙව රණසිංහ මහතා ඉන්දියාවේ කොයිචි හි පුහුණුව ලැබූ සබ්මැරීන් යුධ පුහුණු විශේෂඥයෙකි. 1999 දී ඉන්දියාවේ වෙලිංටන් හි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්යාලයේදී නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත. තවද ඔහු ඉස්ලාමාබාද්හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අනුබද්ධ නිලධාරීන්ගේ යුද පාඨමාලාව සඳහා ද සහභාගී වි ඇත.

2002-2004 වසරේදී ඔහු විශේෂ ප්‍රහාරක බලකායකට ද අණ දී ඇත.එසේම නාවුක මෙහෙයුම් අධ්‍යයක්ෂ, සැලසුම් අධ්‍යක්ෂක ලෙසත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කර තිබේ.

වීරවික්‍රම, විභූෂන සහ රණ වික්‍රම පදක්කම් ද ලබා ඇත.ඔහුගේ බිරිඳ ජාතික ගමණාගමන කොමිෂමේ සේවය කරන අතර එකම දියණිය සුපුණී රණසිංහ මහත්මිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ආදී සිසුවියෙකි.
« PREV
NEXT »

Facebook Comments APPID