ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්ථා වේ.
ඒ නාවික හමුදාපති ට්‍රිවස් සින්නයියා මහතා ගේ විශ්‍රාම යාමත් සමගිනි.ට්‍රිවස් සින්නයියා මහතා ගේ පත්වීම මෙන්ම විශ්‍රාම යෑමද රට තුල මහත් කතා බහට ලක් විය.
රියර් අද්මිරාල් රණසිංහ මහතා මීට පෙර මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහිද සේවය කොට ඇත.ඒ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්. සී. විජේගුණරත්න මහතා ගේ වකවානුවේදීය.

