BREAKING NEWS
latest

728x90

468x60

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් සරච්චන්ද්‍ර රණසිංහගේ වැඩ කිඩ ගැන නොදත්දේ මෙන්න

වයිස් අද්මිරාල් සිරිමෙවන් සරච්චන්ද්‍ර රණසිංහ 1982 නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරියකු ලෙස තම නාවික ජීවිතය ආරම්භ කරනවා. අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේත් දීප්ති මත් ශීෂ්‍යයෙකු වූ මොහු ත්‍රිකුණාමාලය නාවික හා සාගරික විද්‍යාපීය තුලදී ලත් මුලික නාවික පුහුණුව අවසානයේදී 11 වන බදවා ගැනීමට අයත් විශිෂ්ඨතම ශිෂ්‍ය භට නිලධාරියා ලෙස නාවික හමුදා සේවයට එක්වීය.

අනතුරුව බ්‍රිතාන්‍යයේ ඩාර්ත්මත් හි පිහිටි රාජකීය නාවික හමුදා විද්‍යාපීඨයේහි පුහුණුව සදහා තෝරා ගන්නා ලද අතර,එහිදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා ‍හේතුවෙන්අනෙකුත් සියලු විදේශිය සිසුන් අභිබවා ප්‍රථම ස්ථානයට පත්වීමට ඔහු සුදුසුකම් ලැබීය.

ඉන් අනතුරුව 1985 වර්ෂයේදී නාවික හමුදා සක්‍රිය සේවයට දායක වන මොහු ඉන්දියානු නාවික හමුදාව වෙතින් පුහුණුව ලද “ප්‍රති සබ්මැරීන් යුධ ශිල්පය” පිළිබදව විශේෂඥයෙකි. 1999 වර්ෂයේදී ඉන්දියාවේ ආරක්ෂක සේවා හා මාණ්ඩලික අධ්‍යාපන පිඨයේදී තම මාණ්ඩලික පාඨමාලාව සාර්ථක ලෙස නිම කළ ‍මොහු පාඨමාලාව තුලදී ලබා ගන්නා ලද ප්‍රථිපල මත විද්‍යාපති උපාධියකින්ද පිදුම් ලැබීය. මෙයට අමතරව 2007 වර්ෂයේදි පකිස්තානයෙහි ඉස්ලාමාබාද්හි පිහිටි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් යුධ ශිල්පය පිළිබදව විද්‍යාපති උපාධියද 2012 වර්ෂයේදී ඉන්දියාවේ නවදිල්ලිහි පිහිටි ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව පිළිබදව දර්ශණපති උපාධියද හදාරන ලදි.

තම සේවා කාලය තුලදී ක්‍රියාන්විත ප්‍රදේශවල දිර්ඝ කාලීනව සේව කොට ඇති මොහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ යාත්‍රා,නෞකා සහ ආයතන වල අණභාර නිලධාරී වශයෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කොට ඇත. නාවික හමුදාවේ ප්‍රබලතම ප්‍රහාරක බලඝණය වු 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙස 2002 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටු කල මොහු ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදෙන ලද “සමුදුර” නෞකාවේ පළමු අණදෙන නිලධාරියාද විය.

ඇමෙරිකාවේ සිට මෙම නෞකාව ශ්‍රී ලංකා‍ව වෙත නිර්පද්ධිතව යාත්‍රා කිරීම තුලින් ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ දීර්ඝතම සාගර තරණය සිදුකල නාවික නිලධාරියා ලෙස මොහු හැදින්විය හැකිය. මෙයට අමතරව 2008 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා නාවික මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කල මොහු ඒ හා සමගාමීව නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේත්, ක්ෂණික විහිදුම් යාත්‍රා බළඝණයේත් අධ්‍යෂක ලෙස කටයුතු කළා.

තවද නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ නාවික අවි,අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්,ත්‍රිකුණාමාලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති,නියෝජ්‍ය ආඥාපති දකුණු නාවික විධානය, ආඥාපති දකුණු විධානය,ආඥාපති බටහිර නාවික විධානය,අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙසද ඉතා කාර්යක්ෂම ලෙස තම සේවය නාවික හමුදා‍ව වෙත ලබාදි තිබෙනවා.

සංග්‍රාමික කටයුතු සදහා දක්ෂ නිලධාරියෙකු වන වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ රණශුරත්වය වෙනුවෙන් ජීවත්ව සිටියදී පිරිනමනු ලබන වීර වික්‍රම විභූෂණ පදක්කමෙන් පිදුම් ලබා ඇති අතර මෙයට අමතරව ඔහුගේ රණශුරත්වය අගයමින් රණවික්‍රම පදක්කම සහ රණශුර පදක්කමද ඔහු වෙත පිරිනමා ඇත. තවද සිදුකරන ලද විශිෂ්ඨ වූ සේවය අගයනු වස් පිරිනමනු ලබන උත්තම සේවා පදක්කමින්ද මොහු පිදුම් ලබා ඇති අතර නාවික හමුදාධිපති වරුන් විසින් මොහු ගේ සේවය අගයමින් අවස්ථා කිහිපයකදී ප්‍රසංශත්මක ලිපිද ප්‍රධානය කොට ඇත.

දක්ෂ ක්‍රීඩකයෙකුද වන මොහු තම සේවා කාලය තුලදී බැඩ්මින්ටන් ක්‍රීඩාව සදහා රාජකීය නාවික හමුදා ඇකඩමියේ වර්ණද 1997 වර්ෂයේදී පැවති නාවික හමුදා බැඩ්මින්ටන් තරගාවලියේදී කේවල යුගල සහ මිශ්‍ර යුගළ තරග ඉසව් සදහා සම්මාන ද ලබාගෙන ඇත.

මොහු සන්ධ්‍යා රණසිංහ සමග විවාහ වී ඇති අතර මොවුන් දෙපලට සුපුනි රණසිංහ නම් දියණියක සිටී.
« PREV
NEXT »

Facebook Comments APPID