ජනප්‍රිය නළු දසුන් නිශාන් සිය දිවියෙන් සමු ගෙන මේ ගත වෙන්නේ දෙවැනි සතිය..නමුත් තව ටික දිනකින් දසුන් පිළිබඳ මතකය අප සියළු දෙනාටම අමතක වී යනවා. එයයි ලෝකයේ ස්වභාවය කෙසේ වෙතත් ඔහුගේ මව මේ දුක තවමත් දරාගෙන සිටින්නේ පන මෙන් ආදරය කළ පුත්‍රයාගේ හදිසි වියෝවෙන් කම්පාවෙමින්. ඔහුගේ අවසන් කටයුතු අතරතුර පැවසු දේ පිළිබඳවෙ සති අන්ත පුවත් පතක පළවූ ලිපියක කොටසක් පහතින්
‘අතක් පයක් නොකඩා එක වේලක් බඩගින්නේ නොතියා ලොකු මහත්කළ මගේ පුතා මෙවැනි නොහික්මුණු වැඩක් කර ගනියි කියා නිකම්වත් හිතුණානම් කීයටවත් ආපහු බෝඩිමට යන්න දෙන්නෙ නෑ. මගේ ලෝකයේ රජා මට නැතිවුණා ‘යැයි පුතණුවන්ගේ වියෝව දරාගත නොහැකිව හඬාවැලපෙන මව කෙසේ සනසන්නද? මෙලොවට බිහිකළ දා පටන් අනේක දුක් විඳ සමාජයේ උතුම් මිනිසෙක් කරන්නට මවක් දරන වෙහෙස දරුවන්ට නොදැනීම මෙවැනි විපත් සියල්ලටම මුල වෙයි.
‘දසුන් පුතා මට හරිම ආඩම්බරයක්.කුඩා කාලයේ පටන්ම ඉගෙනුමට වගේම බාහිර වැඩවලටත් හරිම දක්ෂයි. අපි මහනුවර අස්ගිරියෙ පදිංචිව සිටින කාලෙ නුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට තමයි පුතා පාසල් ගියේ. පසුව ගම්පහ වේවැල්දෙණියට පදිංචියට ඒමත් සමගම මීරිගම කණිෂ්ඨ විද්‍යාලයටත් පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයටත් ගියා. පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්.උපාධිය ලැබූවත් රඟපෑමට තිබූ අසාව නිසා රැකියාවකට ගියේ නෑ. කුඩා කාලෙ ඉඳන්ම පුදුම ආසාවක් තිබුණේ රංගන ශිල්පියෙක් වෙන්න. ඒ නිසාමයි ඉගෙන ගත් දෙයින් ප්‍රෙයා්ජනයක් ගත්තෙ නැත්තෙ. සාමාන්‍ය පෙළ කරන කාලෙ සිට දැන හඳුනාගත් තරුණියක් සමග අවුරුදු 13ක් ආදරයකර පසුගිය කාලයේ විවාහ ගිවිස ගත්තා. මම දන්න තරමින් ඒ දුවත් සමග පුතා සතුටින් සිටියා.
ඒත් ටික කලක සිට පුතාට විවාහ උත්සවයක් ගන්න වුවමනාවක් තිබුණේ නෑ.දසුන්ගේ තාත්තා කැනඩාවෙ රැකියාව කරන්නෙ දරුවන් කුඩා කාලයේ සිටමයි. මම මෙහෙ ව්‍යාපාරක් කරගෙන යනවා. ඉන්න එකම මල්ලී ජාත්‍යන්තර පාසලක උසස් පෙළ හදාරනවා. පසුගිය 17පුතා ගෙදර ඇවිත් ආපහු ගියේ 20 වැනිදා. වෙනදා වගේ වැඩිය කතා බහක් තිබුණේ නෑ. කල්පනාවෙන්ම කාලය ගත කළා. ගෙදරින් යන විටත් මල්ලිගෙ මූණ ඉඹලා අම්මව හොඳට බලාගන්න, මොනව හරි අඩුපාඩුවක් තිබෙනවනම් කියන්න කියලා තමයි ගිහින් තියෙන්නෙ. අලුතෙන් ඉදිකරගෙන යන නිවසේ ඉදිකිරීම් අවසන්කර ගැනීමට නොහැකිවීම ගැනත් පුතා හිටියේ දුකෙන්. අම්මෙ මේ දවස්වල සල්ලි නැහැ සල්ලි හොයාගෙන ගෙයි ඉතිරි වැඩ කරමු කීවා. හැමෝටම හොඳ මග යන්න පාර කියන පුතා මෙතරම් හීන ගොඩක් නැතිකරගෙන අපිව දාලා යයි කියල හීනෙන් හරි හිතුණා නම් ආපහු බෝඩිමට යන්න දෙන්නෙ නෑ”
ඉරෝෂ් බාලසූරිය යනු දසුන් කලාලොවට හඳුන්වාදුන් චරිතයයි දසුන්ගේ මේ වියෝව පිළිබඳව ඔහු පැවසුවේ මෙවන් අදහසක්.
‘දසුන් කියන්නෙ මම දැකපු අහිංසක නිහතමානී ළමයෙක්. හැමෝටම හරිම කීකරුයි.දසුන් උසස් පෙළ කරන කාලෙ මගේ දැන්වීම් ආයතනයට ඇවිත් අයියෙ මම රඟපාන්න ආසයි මට අවස්ථාවක් අරන් දෙන්න කිව්වා. ඇත්තෙන්ම ඔහු අහිංසක ළමයෙක් බව මම දැනගන හිටිය නිසා මම ඔහුට උදව් කරන්නම් කියලා පොරොන්දු වුණා.ඒ විදිහට තමයි 2009 වසරේ දැන්වීමට දසුන්ව සම්බන්ධ කළේ. මට මතකයි මම දසුන්ටත්, මවටත් රාත්‍රී අපේ ගෙදර නැවතුම් දී පසුදා කොළඹ එක්කගෙන ආවා දැන්වීම් රූගත කරන ස්ථානයට. එහෙම ඇවිත් තමයි මුලින්ම ක්ෂේත්රයට අවතීර්ණ වුවේ. ඉන් පසුව ඩැන්ඩෙක්ස් ෂැම්පු දැන්වීමට සම්බන්ධ වුණා. දසුන් දවසින් දවස ක්ෂේත්‍රෙය් ඉහළටම යනවා බලාගෙන සිටියේ හරිම සතුටින්. පසුගිය කාලයේ මගේ විදේශ ගතවීමත් සමග මට දසුන්ව මග හැරුණා. මට දුක ඔහු මා සමග සිටියානම් කීයටවත් මෙවැනි විපතක් කරගන්න ඉඩතියන්නේ නෑ. දෙමවුපියන්ගෙන් වෙන් වී කලාවට පිවිස නොදන්න ලෝකයක අතරමං ව වල්මත් වු නිසයි මෙවැනි විපතක් කරගත්තේ. මේවා අනෙක් තරුණ පිරිසත් ආදර්ශයට ගත යුතුයි. රංගන ක්ෂේත්‍රෙය් ඉදිරියටම යන්න හැකියාවක් සහ බුද්ධියක් තියෙන තරුණයෙක් වුවත් අවසානයේ ඔහු ගත්තීරණය නිසා අවසානයේ දුක උරුම වුණේ ඔහුගේ මවට විතරමයි.
උපුටා ගැනීමකි