BREAKING NEWS
latest

728x90

468x60

ඇමරිකානු තනාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයන්ටත් ග්‍රීන් කාඩ් සදහා අයදුම් කරන ලෙස ඉල්ලා සිටී.

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි විය හැකි බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී.

අන්තර්ජාලය online ඔස්‌සේ නොවැම්බර් 07 වැනිදා දක්‌වා ගී්‍රන් කාඩ් ලොතරැයිය සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක්‌ අය නොකරන බවද තානාපති කාර්යාලය දැනුම් දෙයි.

අයෑදුම්කරුවන් අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්‌ෂණයට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන්ට ඇමරිකාවේ නීත්‍යනුකූල, ස්‌ථිර නේවාසිකයන් විය හැකි බවද තානාපති කාර්යාලය දැනුම් දේ.

අයෑදුම්පතක්‌ සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට තුන්වැනි පාර්ශ්වයක ආධාර අවශ්‍ය නොවන බවද සුදුසුකම් හා උපදෙස්‌ සිංහල, දෙමළ හා ඉංගී්‍රසි භාෂාවෙන් ලබා ගැනීම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ⇒ https://lk.usembassy.gov/u-s-2019-diversity-visa-lottery-begins/ ⇐ වෙබ් අඩවියට පිවිසෙන ලෙසද දැනුම් දී සිටී. ලොතරැයිය ඉල්ලුම් කිරීම සඳහා ⇒ www.dvlottery.state.gov ⇐ වෙබ් අඩවියට පිවිසෙන ලෙසද තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී.
« PREV
NEXT »

Facebook Comments APPID