BREAKING NEWS
latest

728x90

468x60

ග්‍රාම නිලධාරිනියට අතවර කිල රත්තොට ඕඅයිසීට ඇප

බෝමුරේ ග්‍රාම නිලධාරිනියට මරණ තර්ජනය කර දූෂණයට ලක්‌ කළ බවට චෝදනා ලබා සිටින රත්තොට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස පන්විල වැඩබලන මහෙස්‌ත්‍රාත් එන්. එම්. ෆරික්‌ඩීන් මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහැරුණු රත්තොට පොලිස්‌ ස්‌ථානාධිපති කපිල දිසානායක නමැති අයට සෑම මසකම අවසන් ඉරුදින කොළඹ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් අප්‍රේල් මස නව වැනි දින අදාළ සැකකරු උඩුදුම්බර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාව සිටියදී තමන් දූෂණය කළ බවට පැමිණිල්ලක්‌ අදාළ ග්‍රාම නිලධාරීනිය විසින් කොළඹ අපරාධ විමර්ශන ඒකකයට ඉදිරිපත් කොට තිබුණේ ඔක්‌තෝම්බර් 6 වැනි දිනය.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ අපරාධ විමර්ශන ඒකකය අදාළ සැකකරු 11 දා) අත්අඩංගුවට ගෙන ඊයේ (12 දා) පන්විල සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් ප්‍රේමකුමාර, ඒ. ජමීල් යන මහත්වරු පෙනී සිටියහ. ඔවුන් අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කියා සිටියේ මෙම පැමිණිල්ල ද්වේශසහගත ලෙස සිදුකර ඇති බවය.

අදාළ නඩුව යළි ලබන ජනවාරි 24 දින කැඳවයි.

සමන්තී වීරසේකර
« PREV
NEXT »

Facebook Comments APPID